ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත්රය අඩපණ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
ඒ සඳහා ආර්ථික අපහසුතා සහිත සේවකයින් එක්කර ගැනීමට එම කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ඔහු සඳහන් කළේ.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව පැවසුවා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පසුගියදා පත්වුණා.
ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරනවා.
එවන් පසුබිමක සිටයි ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ.
මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනිද්දා දින දිවයින පුරා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළහ.




