මධ්‍යම ගාසා තීරයේ බුරයිජ් සරණාගත කඳවුරකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා මාධ්‍යවේදී අහමඩ් විෂා මිය ගියේය.
මාධ්‍යවේදීන්ට ලෝකයේ භයානකම ස්ථානය බවට පත්ව ඇති ගාසා තීරයේදී ඊශ්‍රායලය විසින් ඝාතනය කරන ලද 12 වන අල් ජසීරා මාධ්‍යවේදියා ඔහුය.
2023 ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය යුද්ධය ආරම්භ කළ දා සිට අවම වශයෙන් පලස්තීන මාධ්‍යවේදීන් 260 දෙනෙකු ඊශ්‍රායලය විසින් සමූලඝාතනය බව මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කණ්ඩායම පවසයි.




