Sunday, April 19, 2026
spot_img
spot_img

ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින දිවියෙන් සමුගනියි

ලංකාවෙන් හොලිවුඩ් ගිය පළමු රූ රැජිනවන මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් මහත්මිය අභාවප්‍රාප්ත වූ පුවත හිටපු ලක් රූ රැජිනක් සේම ජනප්‍රිය නිලියක් වන ඇන්ජලා සෙනවිරත්න මහත්මිය ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත.

මිය යන විට ඇය 88වැනි වියෙහි පසු විය.

1955 දී මිස් සිලෝන් කිරුළ හිමිකර ගත් ඇය 1955 වසරේ දී මිස් යුනිවර්ස් හි අප රට නියෝජනය කළ අතර එහිදී ඇය දෙවන අනුශූරතාව දිනා ගත්තාය.

මේ ජයග්‍රහණයෙන් පසුව 1958දී ඇයට “Gun Fever” නම් හොලිවුඩ් චිත්‍රපටයේ රගපෑමට අවස්ථාව ලැබුණ අතර, ඇයගේ එහි රූගත කිරීම් අතරතුර ලබාගත් ඡායාරුවක් 1957 සැප්තැම්බරයේ ප්‍රකට Play Boy සගරාවේ පලවූ බව මූලාශ්‍ර වාර්තා වල සදහන්ය. ඒ අනුව Play Boy සගරාවේ රුව පලවූ පළමු සහ එකම ලාංකික කාන්තාව වන්නෙත් ඇයයි.

ඇය 20 Century Fox හා Universal International Studios යන ප්‍රකට චිත්‍රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්‍රපට සදහා දායක වූ බව සදහන් වේ. ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර ඒ යුගයේ සුන්දරම හොලිවුඩ් නිලියන් අතර ඇයටද ප්‍රමුඛ ස්තානයක් හිමි විය.

Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976දී William J. Ballard සමග විවාහ වුණි.

ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ඇගේ දියණිය පිළිකා රෝගයෙන් මිය යෑමත් සමග Maureen ගත කර තිබුනේ මාධ්‍යයෙන් දුරස් වූ ජීවිතයකි.

මිය යනතෙක් ඇය ලොසැන්ජලීස් හී ජීවත් වූ බව සදහන් වන අතර, දියණියගේ වියෝවත් සමගින් ඇගේ යාවත්කාලීන වූ තොරතුරු ඇත්තේ ඉතාමත් අඩුවෙනි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...