spot_img
spot_img

ඒ.ආර්. රහ්මාන් වසර 29ක යුග දිවියට සමුදෙයි

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආර්. රහ්මාන්ගේ බිරිඳ සයිරා බානුගේ නීතීඥවරයා යුවලගේ දිස්කසාදයට අදාල නිල ලියකියවිලි මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමඟයි.

යුවළ දික්කසාද වී ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත්, නිල ලියවිලි ලැබෙනතුරු ඒ බව ප්‍රසිද්ධියට පත් නොකළ බවත් වාර්තා වනවා.

ඒ.ආර්. රහ්මාන් සහ බිරිඳ සයිරා බානු විවාහ වූයේ 1995 වසරේදීය. යුවලට කතිජා, රහීමා සහ අමීන් යනුවෙන් දරුවෝ තිදෙනෙක් වනවා.

වසර 29 ක විවාහ දිවිය අවසන් කිරීමට යුවල තීරණය කළ බව නීතීඥ වන්දනා ෂා මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. එම විවාහය ඒ.ආර්. රහ්මාන්ගේ මවගේ කැමැත්ත මත ඇය විසින් තීන්දු කරන ලද්දක් බව ද පැවසෙනවා.

ඉන්දියාවෙන් බිහිවුණු විශිෂ්ටතම සංගීතඥයකු ලෙස රහ්මාන් සැලකෙයි. සංගීතඥයකු පමණක් නොව, රහ්මාන් ගායකයකු, ගීත රචකයකු, ගී තැටි නිෂ්පාදකයකු ද වෙයි. සමාජ සේවාවල නියැලෙන රහ්මාන් ධනපතියකු ලෙස ද ප්‍රකටයි.

1967 වසරේ ජනවාරි 6 වැනිදා රහ්මාන් උපන්නේ දිලීප් කුමාර් යන නමිනි. පසුව ඒ.ආර්. රහ්මාන් හෙවත් අල්ලාහ් රක්ඛා රහ්මාන් ලෙස නම වෙනස් කර ගැනුණා

ඉන්දීය සිනමාවේ, විශේෂයෙන් දෙමළ සහ හින්දි සිනමාවේ රහ්මාන්ගේ සංගීතයෙන් හැඩවුණු සිනමා නිර්මාණ දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී තිබෙනවා.

රහ්මාන් ද දෙස් විදෙස් සිනමා උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වූ අයෙකි. ඉන්දියානු සිවිල් වැසියකුට හිමිවන ඉහළම සම්මාන ලෙස පද්ම ශ්‍රී සහ පද්ම භූෂණ සම්මානවලින් ද රහ්මාන් පිදුම් ලබා ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...