spot_img
spot_img

මේ වසරේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.

ඒ මහතා පැවසුවේ පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව පර්සීස් වශයෙන් නම්කර ඇති බවයි.

එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකි වන්නේ හෙට උදෑසන 5ට පමණ උතුරු දිශාවෙන් බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

“මේ උල්කාපාත වර්ෂාවේ විශේෂත්වය තමයි උල්කාපාත 100ක් පමණ පැයකදි දැකගත හැකි වෙනවා. ඒක සාමාන්‍යයෙන් විශාල අගයක්. මෙහෙම උල්කාපාත ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ උල්කාපාත වර්ෂා කිහිපයකදි පමණයි. මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරන ආකාරය ගැන කතා කළොත් මේ දැක්වෙන පර්සියස් කියන තාරුකා රාශිය සාමාන්‍යයෙන් ක්ෂිතිජයෙන් මතු වෙන්න පටන් ගන්නේ මධ්‍යම රාත්‍රියෙන් විතර. මධ්‍යම රාත්‍රියේදී මතුවෙන මෙම උල්කාපාත රාශිය අලුයම් කාලය දක්වා ඉහළට ගමන් කරනවා. එතකොට මේ උල්කාපාත වර්ෂාව බලන්න පුළුවන් හොඳම වෙලාව වෙන්නේ සාමාන්‍යයෙන් උදෑසන 05.00ට විතර. උදෑසන 5ට විතර උතුරු දිශාව බලන්න පුළුවන් නම් අපිට පැයකදි උල්කාපාත 100ක් පමණ බලන්න පුළුවන් වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...