spot_img
spot_img

අද රෑ උතුරු අහසේ උල්කාපාත වර්ෂාවක්

වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්‍රධාන ස්ථානයක් හිමිවන ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්‍යම රාත්‍රියේ උතුරු අහසේ දිස්වන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා.

මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්‍රේල් 15 සිට අප්‍රේල් 29 දක්වා සක්‍රීයව පවතිනවා

අලුයම 4 – 5 දක්වා කාලයේදී උතුරු දිශාව ආශ්‍රිතව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහාන් වීරසේකර මහතා සඳහන් කළා.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම උල්කාපාත වර්ෂාව වීණාව යනුවෙන් හැඳින්වෙන තාරකා රාශිය ආශ්‍රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවයි.

“මෙම උල්කාපාත වර්ෂාවේ දී පැයකට උල්කාපාත 20ක් පමණ නිරීක්ෂණය කළ හැකි වෙනවා. මේක අද රාත්‍රීයේ හෝ හෙට අලුයම උපරිම අවස්ථාවට පත්වනවා. අද මධ්‍යම රාත්‍රියෙන් පසුව මේක නිරීක්ෂණය කළ හැකියි. අද ගැටලුවක් වෙනවා පූර්ණ චන්ද්‍රයා අපිට පේන නිසා. ඒ නිසා මේක නිරීක්ෂණය කරන්න හොඳම වෙලාව වෙන්නේ ‍අලුයම 4 – 5 දක්වා කාලයේ දී උතුරු දිශාව ආශ්‍රිතව මේ උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි වෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...