spot_img
spot_img

ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීමේ දකුණු ආසියානු අමාත්‍ය සමුළුවට අග්‍රාමාත්‍යවරිය එක්වෙයි

දකුණු ආසියානු කලාපයේ ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම පිළිබඳ අමාත්‍ය සමුළුවේ (EVAC) සමාරම්භක අවස්ථාව අද (23) කොළඹදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව ජුනි 23 සහ 24 යන දින දෙක පුරා පැවැත්වේ.

සමුළුවේ අරමුණ වන්නේ දකුණු ආසියාව තුළ ළමුන්ට එරෙහි හිංසනය තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශපාලන පසුබිම ශක්තිමත් කිරීම, මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමයි. වැරදි සමාජ සම්මත, ළමා විවාහ, ළමා ශ්‍රමය සූරාකෑම, දත්ත විෂමතා සහ සමාජ මාධ්‍ය හරහා සිදුවන නවීන ප්‍රචණ්ඩත්වයන් වැනි අභියෝග රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ, ළමා ආරක්ෂාව යනු හුදෙක් එක් ක්ෂේත්‍රයකට පමණක් සීමා වූ කරුණක් නොව, රටේ පුළුල් සංවර්ධන, යහපාලන සහ සමාජ සාධාරණතා න්‍යාය පත්‍රය තුළ අන්තර්ගත ජාතික ප්‍රමුඛතාවයක් බවයි.

අධ්‍යාපන පද්ධතිය හුදෙක් ඉගෙනුම් ඉගැන්වීම් සඳහා පමණක් නොව, දරුවන්ගේ ආරක්ෂාව සහතික කරන සහ හානිකර තත්ත්වයන් කල්තියා හඳුනා ගන්නා සුවිශේෂී ස්ථානයක් බවට පත් කළ යුතු බවත්, පාසල් මට්ටමින් උපදේශන සේවා සහ ආරක්ෂණ ක්‍රියාමාර්ග ඇතුළු ළමා ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. ළමා ආරක්ෂාව සම්බන්ධ අභියෝග ජාතික සීමාවන් ඉක්මවා යන බැවින්, ඒවාට විසඳුම් සෙවීමට කලාපීය රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ සාමූහික ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංවිධානය (SAARC), යුනිසෙෆ් (UNICEF), ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ආයතන කිහිපයක් එක්ව සංවිධානය කළ මෙම සමුළුවට කලාපයේ අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ දේශීය හා ජාත්‍යන්තර නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...