spot_img
spot_img

තමිල්නාඩුවේ උපදින සෑම දරුවෙකුටම විජේගෙන් රන් මුදුවක්

තමිල්නාඩු මහ ඇමති ජෝශප් විජේ (තලපති විජේ) විසින් ලබාදුන් මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නංවමින්, ප්‍රාන්තයේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම රන් මුදුවක් ලබාදීමේ වැඩසටහන නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ඒ අනුව, තමිල්නාඩු රජය බලයට පත්ව දින 43 ක් වැනි කෙටි කාලයක් ඇතුළත මෙම ‘රන් මුදු ව්‍යාපෘතිය’ සඳහා වන නිල ගැසට් නිවේදනය නිකුත් කිරීමට මහ ඇමතිවරයා පියවර ගෙන ඇත.

‘තායිමාමන්’ ලෙසින් හැඳින්වෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය යටතේ තමිල්නාඩුවේ රජයේ රෝහල්වල උපදින සෑම දරුවෙකුටම ග්‍රෑම් එකක් බරැති රන් මුදුවක් පිරිනැමීමට නියමිතය.

මෙහිදී රජයේ රෝහල්වල උපදින දරුවන් සංඛ්‍යාව මෙන්ම ඔවුන් පිරිමි හෝ ගැහැණු දරුවන් ද යන්න කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම මෙම රන් මුදුව හිමිවීම විශේෂත්වයකි.

මෙම සුභසාධන ව්‍යාපෘතිය සඳහා තමිල්නාඩු රජය විසින් වසරකට ඉන්දීය රුපියල් කෝටි 755.83 ක මුදලක් වැය කිරීමට තීරණය කර ඇත.

බෙදාහැරීමේ පහසුව තකා මෙම රන් මුදු රජයේ රෝහල්වලම සුරක්ෂිතව ගබඩා කර තැබීමට කටයුතු යොදා තිබේ.

මෙම ව්‍යාපෘතිය තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙකු වූ ‘CM අන්නාදුරේ’ මහතාගේ උපන්දිනය යෙදෙන සැප්තැම්බර් 15 වනදා නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

කෙසේ නමුත් පසුගිය ජුනි 22 වැනිදාට යෙදුණු ප්‍රධාන අමාත්‍ය විජේ මහතාගේ උපන්දිනයේ සිට රජයේ රෝහල්වල උපත ලැබූ සියලුම දරුවන්ට මෙම රන් මුදු ව්‍යාපෘතියේ ප්‍රතිලාභ හිමිවන බව තමිල්නාඩු ප්‍රාන්ත රජය වැඩිදුරටත් සඳහන් කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...