spot_img
spot_img

මෙටා සමාගම ලොකු අමාරුවක ළමයින් සමාජ මාධ්‍යවලට ඇබ්බැහි කළැයි ප්‍රාන්ත 29ක් දැමූ නඩුව විභාගයට ගනියි

ෆේස්බුක් (Facebook) සහ ඉන්ස්ටග්‍රෑම් (Instagram) හරහා ළමයින්ව දැඩි ලෙස ඇබ්බැහි කරවීම සහ එමඟින් ඔවුන් මුහුණ දෙන මානසික අවපීඩනය (Depression), කාංසාව (Anxiety) සහ ස්වයං හානි කරගැනීම් (Self-harm) වැනි බරපතළ හානි වසන් කිරීම සම්බන්ධයෙන් ‘මෙටා’ (Meta) සමාගමට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත 29ක් එකතුවී ගොනු කළ දැවැන්ත නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස එම සමාගම කළ ඉල්ලීම ඇමෙරිකානු ෆෙඩරල් විනිසුරුවරියක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙය මෙටා සමාගම ලැබූ විශාල පසුබෑමක් වන අතර, දෙපාර්ශවයම ඉදිරිපත් කරන සාක්ෂිවල පවතින බරපතළ කරුණුමය ගැටලු විසඳිය හැක්කේ ජූරි සභාවක් (Jury) හමුවේ පවත්වන නඩු විභාගයකින් පමණක් බව විනිසුරුවරිය තීන්දු කර ඇත.

ඒ අනුව “දෙමාපියන් සහ බිග් ටෙක් (Big Tech) සමාගම්” අතර පවතින මෙම තීරණාත්මක නඩු විභාගය එළඹෙන අගෝස්තු 18 වැනිදා ආරම්භ වීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...

WhatsApp Usernames නිසා රහස්‍යතාව නැති වෙයිද? WhatsApp දුන් නිල පිළිතුර මෙන්න

WhatsApp හි ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත පරිශීලක නාම (Username) විශේෂාංගය...