spot_img
spot_img

ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය තහනම්

ඇෆ්ගනිස්තානයේ සිවිල් සේවකයින්ට ස්මාර්ට්ෆෝන් භාවිතය රට පුරා තහනම් කිරීමට තලේබාන් පාලනය නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විනිසුරුවන් ඇතුළු හමුදා සහ සිවිල් ආයතනවල සියලුම නිලධාරීන්ට ජූනි 16 වනදා සිට ජංගම දුරකථන භාවිතය තහනම් කර ඇති අතර, නියෝගය උල්ලංඝනය කරන පුද්ගලයින්ගේ දුරකථන විනාශ කර නීතිය යටතේ දඬුවම් ලබාදෙන බව සඳහන් වේ.

රජයේ නිලධාරීන් පවසන්නේ බොහෝ රාජකාරී කටයුතු ජංගම දුරකථන, වට්ස්ඇප් සහ විද්‍යුත් තැපෑල හරහා සිදුකළ බැවින් මෙම තහනම හේතුවෙන් පරිපාලන ක්‍රියාවලීන් දැඩි ලෙස අඩාල වී ඇති බවයි.

පන්ජ්ෂීර් පළාත් ආණ්ඩුකාරවරයා සියලු රාජ්‍ය කාර්යාල තුළ මෙම තහනම වහාම ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කර තිබේ.

මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ස්මාර්ට්ෆෝන් ඇෆ්ගනිස්තාන ජනතාවට අධ්‍යාපනය, තොරතුරු ලබාගැනීම සහ සන්නිවේදනය සඳහා වැදගත් මෙවලමක් වී ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...