spot_img
spot_img

ආණ්ඩුවේ දේශපාලන නාඩගම් නිසා ලංකාව ලෝකය ඉදිරියේ විහිළුකාරයෙක් වෙලා – දිලිත් ජයවීර

වත්මන් රජය විසින් සතිපතා වේදිකාගත කරනු ලබන දේශපාලන නාඩගම් හේතුවෙන් ශ්‍රී ලංකාව මුළු මහත් ලෝකය ඉදිරියේ විහිළුකාරයෙකු බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

රටේ පවතින බරපතල අර්බුද සඳහා සැබෑ විසඳුම් ලබා දෙනවා වෙනුවට, ජනතාව නොමග යවන අදූරදර්ශී වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ආර්ථික බිඳවැටීම නිසා පීඩාවට පත් ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, විවිධ අගතිගාමී ක්‍රියා හරහා ජනතාව අතර අවිශ්වාසය වපුරමින් සිටින බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ගොවි ජනතාව අන්ත අසරණ වී වගා කටයුතු අතහැර දමා ඇති බවත්, රට දරුණු ආහාර අර්බුදයකට මුහුණ දී ඇති බවත් ඩොලරයේ මිල ඉහළ යාම නිසා ආනයනික ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට මිලදී ගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇති බවත් ඔහු පැවසීය.

ඉතිහාසයේ නොවූ විරූ ලෙස ඩෙංගු රෝගීන් මිය යන බවත්, රෝහල්වල ඖෂධ පමණක් නොව මූලික අවශ්‍යතාවයක් වන ගෝස් (Gauze) පවා නොමැති තත්ත්වයක් උදා වී ඇති බවත් මන්ත්‍රීවරයා අනාවරණය කළේය. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය නිසා තුන්වන ලෝකයේ රටවල් පවා ශ්‍රී ලංකාව දෙස බලන්නේ විහිළුකාරී රාජ්‍යයක් ලෙස බවත්, කිසිදු දර්ශනයක් හෝ දෘෂ්ටියක් නොමැතිව රජය කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.

පීඩාවට පත් ගොවියා සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනී සිටින බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, රජයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දකින බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...