විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා නිල සංචාරයක් සඳහා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, දෙදින නිල සංචාරයක් සඳහා අද (07) දිනයේ දී විදේශ අමාත්‍යවරයා සිංගප්පුරුව බලා යාමට නියමිතයි
සිංගප්පුරු විදේශ අමාත්‍ය ආචාර්ය විවියම් බාලක්‍රිෂ්ණන් මහතාගේ ආරාධනයකට අනුව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා එම සංචාරයේ නිරත වනවා.
දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් විදේශ අමාත්‍යවරයා එම සංචාරයේදී සිංගප්පුරු විදේශ අමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වනු ලබනවා.
අද සහ හෙට යන දෙදෙන තුළ තවත් පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පවත්වන විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ජුලි 09වනදා සිංගප්පුරුවේ දී පැවැත්වීමට නියමිත “2024 රොයිටර්ස් නෙක්ස්ට් ආසියා පැසිපික් සමුළුවට” සහභාගී වීමට නියමිතයි.




