Sunday, April 19, 2026
spot_img
spot_img

2026 අයවැය ඉදිරිපත් කිරීමට ජනපති පාර්ලිමේන්තුවට – අයවැය යෝජනා මෙන්න

2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණියා.

අද ඉදිරිපත් කෙරෙන්නේ ජාතික ජනබලවේග ආණ්ඩුවේ දෙවැනි අයවැය වන අතර, 2026 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,434කි.

එළැඹෙන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර ඇත්තේ ජනපතිවරයා යටතේ පවතින මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් බිලියන 634කි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 554ක් ද , ආරක්ෂක අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 455 ක්ද , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 301ක් වෙන්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් අයවැය යෝජනා තව සුළු වේලාවකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 2030 වන විට ණයබරතාව 87%ක් දක්වා ගෙන ඒමට අපේක්ෂා කරන බවය.

විනිමය අනුපාත ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණු බව ද පැවසු ජනාධිපතිවරයා, ණය ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට ඉහළට පැමිණ ඇතැයි ද පැවසීය.

විදේශ සංචිත මේ වසර අවසන් වනවිට අ.ඩො.බි. 7කට ගෙන ඒමට අපේක්ෂිත බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

එමෙන්ම රාජ්‍ය ආදායම 16%ක මට්ටමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසු ජනාධිපතිවරයා, ගෝලීය කම්පන මැද පවා විදේශ සංචිත ශක්තිමත් කළ බව පැවසීය.

විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය ඉක්මණින් ගෙනඒමට කටයුතු කරන අතර රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දී තිබෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

2026 මාර්තු මාසය වන විට ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමට පද්ධතියක් ප්‍රකාශ කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

2025 සැප්තැම්බර් මාසය වනවිට ඩොලර් මිලියන 823ක ඍජු විදෙස් ආයෝජන මෙරටට පැමිණ තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර අධිකරණ නිලධාරීන් සඳහා ආචාර්යධර්ම පද්ධතියක් 2026 දී හඳුන්වා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

2023 මුලු සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 737, 2024 සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 614 වූ බවත් නමුත් මෙම සැප්තැම්බර් මාසයේදී ඩොලර් මිලියන 823ක සෘජු විදෙස් ආයෝජන ලංකාවට ලැබී ඇති බවත් ජනාධිපති පවසයි.

අවිධිමත් ක්‍රම ඔස්සේ බදු සහන ලබාදීම අහෝසි කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, බදු පරිපාලනය තවදුරටත් ශක්තිමත් කරන බව ද කියා සිටියේය.

විනිවිද භාවයෙන් යුතු, රීති මත පදනම්ව නිර්ණායක අනුව බදු සහන ලබා දීම සඳහා ක්‍රම උපායන් සංවර්ධන ව්‍යාපෘති පනත සහ වරාය නගර පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති පවසයි.

SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කරන බව ද පැවසු ජනාධිපතිවරයා රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට ගෙන එන බවද පැවසීය.

විනිවිද භාවය ඉහළ නැංවීම සඳහා ලබා දුන් බදු නිදහස් කිරීමේ ප්‍රකාශයන් වසරකට දෙවරක් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩිවියේ ප්‍රකාශයට පත් කරන බවත් මේ තුළින් කොපමණ බදු සහන ලබා දී ඇත්දැයි ජනතාවට බැලිය හැකි බවත් ජනාධිපතිවරයා පැවසීය.

ආර්ථික වර්ධන වේගය ඉහළට

*ආර්ථික වර්ධන වේගය 2024 පළමු භාගයේ තුළ පැවැති 4.6 සිට 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 4.8 දක්වා වැඩි වී තිබේ.
*විරැකියාව අඩු වෙයි.
*විරැකියාව වසරේ පළමු කාර්තුවේදී 4.5%ක සිට 2025 පළමු කාර්තුවේදී 3.8 දක්වා පහත වැටී තිබේ.

මධ්‍ය කාලීන සර්ව ආර්ථික දිශානතිය

*ශක්තිමත් ආර්ථිකයක් සැමට ලබාදීම අරමුණයි.
* මධ්‍ය කාලීනව 7% ඉක්මවු ආර්ථිකයක් වෙනුවෙන් කටයුතු කරනවා.
*රාජ්‍ය ආයෝජන 2024 දී 2.7% වන අතර 2025 දී 4%ක් හා 2026 දී 7%කුත් අපේක්ෂිතයි.
*අපේ ඉලක්කය පුනරාවර්ථන වියදම් අඩුකරමින් ප්‍රාග්ධන වියදම් අඩුකරගත යුතුයි.
*4% ඉක්මවූ රාජ්‍ය ආයෝජන ඉලක්කයක්.
* ආර්ථික වර්ධන වේගය 2024 4.6% සිට 2025 වසරේ දී 4.8% දක්වා වැඩි වුණා.
* විරැකියාව 4.5% සිට 3.8% දක්වා පහළට.
*2024 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් වන තෙක් සැසදීමේදී සමස්ත කොටස් මිල දර්ශක ඒකක 11,855 සිට 21,779 දක්වා ඓතිහාසික වර්ධනයක්.

2024 මුල් මාස 9 හා සසඳන විට 2025 මුල් මාස 9 තුළ සිදුවූ වෙනස්කම්

*භාණ්ඩ අපනයනය අමෙරිකානු ඩොලර් බිලියන 8.5%සිට අමෙරිකානු ඩොලර් බිලියන 9.1 දක්වා වැඩි වී තිබේ.
*විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් බිලියන 4.8 සිට අමෙරිකානු ඩොලර් බිලියන 5.8 දක්වා වැඩි වී තිබේ
*සංචාරක ඉපයීම – අමෙරිකානු ඩොලර් බිලියන 2.3 සිට අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩි වී තිබේ.
*ආදායම් හා ප්‍රධාන – රුපියල් ට්‍රිලියන 2.9 සිට රුපියල් ට්‍රිලියන 3.8 දක්වා වැඩි වී තිබේ.
*ඒ අනුව ගිය වසරේ මුල් මාස 9ට සාපේක්ෂව රුපියල් බිලියන 900කින් රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.
*ගිය වසරේ මුල් මාස 9 තුළ ප්‍රාථමික ශේෂය රුපියල් ට්‍රිලියන .8ක් වන අතර මේ වසරේ මුල් මාස 9 තුල ප්‍රාථමික ශේෂය 1.5 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මිලදී ගැනීම් – රුපියල් බිලියන 37 සිට රුපියල් බිලියන 47 දක්වා ඉහළ ගොස් ඇත.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම

*ආනයනය කරන භාණ්ඩ දේශීයව නිෂ්පාදනයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඉලක්කගත සහනාධාර ලබාදීම.
*මහා පරිමාණ නිෂ්පාදනවලට පෞද්ගලික අංශය වර්ධනය කරනවා.
*මේ සඳහා රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කරනවා.
*ග්‍රාමීය දිලිඳු බව තුරන් කිරීම.
*ග්‍රාමීය ජනතාව සවිබල ගැන්වීම.
*නවින හා තිරසාර සංවර්ධන වැඩපිළිවෙලක් ජාතික මට්ටමින්.
*තිරසාර සංවර්ධන රාමුවක් දුප්පත්භාවය තුරන් කිරීමට යොදාගැනීම.
*විශේෂිතව රැකවරණය ලැබිය යුතු පිරිස් වෙනුවෙන් ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්.

ඩිජිටල්කරණ ප්‍රවර්ධනය

* ඩිජිටල් ආර්ථිකය ඩො.බි 15 දක්වා වැඩිකිරීම.
*ඩිජිටල් පහසුකම් ලබාදීමට අයවැයෙන් කටයුතු කිරීම.

වාහන ආනයනය සඳහා අ.ඩො.මි 1,933ක ණයවර ලිපි විවෘත කර තිබේ.

විදෙස් ණය ගෙවීම

*මේ වසරේ විදෙස් ණය ගෙවීම ඩොලර් මිලියන 2435ක් වන අතර සැප්තැම්බර් 30 වන විට ඉන් 1948ක් ගෙවා අවසන් කර ඇතැයි ජනාධිපතිවරයා පවසයි.

*ඒ අනුව මේ වසරේ දෙසැම්බර් 31වන විට තවත් ඩොලර් මිලියන 487ක් ගෙවීමට සූදානම් ඒ අනුව විදෙස් ණය සේවා කරණ ගෙවීම 2024ට සාපේක්ෂව ඩොලර් මිලියන 761ක වැඩි වීමක් බව ජනාධිපතිවරයා පැවසීය.

*2028 වසරේදී ගෙවිය යුතු විදෙස් ණය සේවාකරණය ඩොලර් මිලියන 3259ක් පමණක් බවත් එට 2025 වසරට සාපේක්ෂව ඩොලර් මිලියන 824ක වැඩිවීමක් පමණක් බවද ජනාධිපතිවරයා පැවසීය.

වාහන වෙළෙඳපොළ විවෘත කර ඩො.මි 1,373ක වාහන ගෙන්වා ඇත.

2024 සැප්තැම්බර් වනවිට විදේශීය ඉපැයිම් ඩොලර් මිලියන 19,338ක් වන අතර, 2025 වසරේ දී 21,272ක් වන අතර එය ඩොලර් මිලියන 1,934කින් ඉහළ ගොස් තිබේ.

තිරසර සහ සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක්

* වසර කිහිපයකින් 7% ඉක්මවා යන වර්ධනයක් ළඟා කරගැනීම.
*විනිවිඳභාවයකින් යුතු රීතිමත පදනම් වූ විදෙස් ආයෝජන ළඟා කර ගැනීම.
*උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති කාර්යාක්ෂමව සිදුකිරීම.

අපනයන විවිධාංගීකරණය මඟින් ඉහළ ආදායමක්.

*ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් 2025 – 2029 මඟින් අපනයනය විවිධාංගිකරණය.
*පවතින වෙළෙඳපොළ පුළුල් කිරීම.
*දැනට අත්සන් කළ වෙළෙඳ ගිවිසුම් හා නව වෙළෙඳ ගිවිසුම්වලට එළැඹීමට විශේෂඥ කමිටුවක් පත්කිරීම.
*නව තීරු බදු ප්‍රතිපත්තියක්.

2026 අයවැය යෝජනා පහතින්,

*රාජ්‍ය පර්යේෂණ වාණිජකරණය දක්වා ගෙනයාම වැඩපිළිවෙලක් වෙනුවෙන් රුපියල් මිලියන 1200ක්

*රටේ ජාතික මෙහෙයුම්වලට රු මිලියන 2000ක් වෙන්කෙරේ.

*ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා රු මිලියන 6500ක් වෙන්කෙරේ.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය

සොබාදහම කේන්ද්‍රකරගත් හා ඓතිහාසික උරුමයන් හුවා දක්වන සංචාරක ගමනාන්ත සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන අතර මෙම කටයුතුවලට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදනවලින් රුපියල් මිලියන 3,500ක් වෙන් කර තිබේ. ඒ යටතේ බස්නාහිර පලාතේ වෙරළ හා මුහුද ආශ්‍රිත හැමිල්ටන් ඇල, මීගමු කළපුව ඇතුළු ජලාශ්‍රිත පරිසරයන් සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කෙරේ.

තවද, ඌව පළාත තුල දැනටමත් විශාල වශයෙන් දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණයක් සහිත හපුතලේ, බෙරගල හා ඉදල්ගස්හින්න යන ප්‍රදේශවල පිහිටි සංචාරක ආකර්ෂණීය ස්ථානයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා අවශ්‍ය ප්‍රචාරණය ලබාදීම මඟින් හපුතලේ ප්‍රදේශය ලංකාවේ තවත් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබේ.

රජය සතු ඌන උපයෝජිත සංචාරක බංගලා, නිවාඩු නිකේතන 900 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. මේවායින් බොහෝමයක් ඉහළ සංචාරක ආකර්ෂණය සහිත තැන්වල පිහිටා තිබෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ නවාතැන් අවශ්‍යතාවන් සැපරීම සඳහා පෞද්ගලික අංශයේ ද සහාය ඇතිව ආදායම් උත්පාදන ඒකක බවට එම ස්ථාන පත්කර ඇත.

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණය ආයතනයට පමණක් ඉමම ඉල්ලුම සපුරාලිය නොහැක. මෙම ජාතික මට්ටමේ ශ්‍රම බලකා පරතරය පියවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් දිවයින පුරා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පුහුණු ආයතන හරහා කෙටි කාලීන වෘත්තිය පුහුණු වැඩසටහනක් වන ආගන්තු සත්කාර බහුකාර්ය වැඩසටහනක් හඳුනා දී තිබේ ඒ සඳහා ශ්‍රී ලංකා සංවාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 500ක් යොදා ගැනේ.

බේරේ වැව සංවර්ධනය කර එය කොළඹ නගර මධ්‍යෙය් පවතින ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමටත් සංචාරක ක්‍රියාකාරකම් ඇතුළු සාමාජීය, ආර්ථික සහ පාරිසරික යන සියලු අංගයක් හී ඵලදායී භාවිතය ඉහළ නැංවීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට වෙන් කර ඇති ඌන උපයෝජිත සංචාරක සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 2,500ක් යොදා ගැනීමට යෝජනා කෙරේ.

අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට අවශයයි. මේ සඳහා දැනටමත් ආරම්භ කර ඇති හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළෙ සංවර්ධන කටයුතු 2026 වසර තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරනවා. සීගිරිය, ත්‍රිකුණාමලය අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය, හා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි මෙහෙයුම් කටයුතු පුළුල් කිරීමට රුපියල් මිලියන 1,00ක ප්‍රතිපාදනයක් වෙන් කිරීමට යෝජනා කරනු ලබන අතර අතිරේක ප්‍රතිපාදන සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය දායක කරනගනු ලැබේ.

ඉහළ යන ගුවන් ප්‍රවාහන ඉල්ලුම සපුරාලීමට සහ මගී හා භාණ්ඩ ප්‍රවාහනයට පහසුකම් සැලසීම සඳහා ප්‍රමුළ පෙළේ ජාත්‍යන්තර සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත වීමට අනගි අවස්තාවක් උදා වී තිබෙනවා. අපගේ උපායමාර්ගික පිහිටුවීම, බටහිර සහ නැගෙනහිර කලාප දෙකටම අසමසම ප්‍රවේශයක් සපයනු ලැබේ.

මෙම දැක්ම යතාර්තයක් කර ගැනීම සඳහා අප නවීනතම ගුවන් තොටුපොළ පහසුකම් සඳහා ආයෝජනය කළ යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් ගුවන් යානා සමූහයකින් සමන්විත අපගේම ගුවන් සේවයක් දියුණු කළ යුතුයි. එ් සඳහා ලබන වසරේ පලමු කාර්තුව තුළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමට නවතා දමා ඇති ව්‍යාපෘතිය නැවත ආරම්භ කරනවා. තවද ශ්‍රී ලංකන් ගුවන් සේවයෙකි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව අවසන් කිරීමට වැඩකටයටුතු කෙරෙමින් පවතිනු ඇත.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වල මුල්‍ය ප්‍රවාහය ඉහළ නැංවීම වෙනුවෙන් දේශීය බැංකු හරහා ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා සහනදායී පොලී අනුපාත යටතේ රජයේ සහය යටතේ ණය යෝජනා කිහිපයක් හඳුන්වා දී තිබේ.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබා දීමේදී ස්ථාපත කර ඇති ජාතික ණය සුරැකුම් ආයතනය මගින් ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය ලබා දී ඇති අතර 2026 වසරේදී රුපියල් මිලියන 7000ක ණය සඳහා සුරැකුම් ලබා දීමට පියවර.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වෙනුවෙන් ආයෝජන සාර්ථකව පවත්වාගෙන ව්‍යාපාරයකට රුපියල් මිලියන 25ක් දක්වාද ආර්ථික අපහසුතාවට පත්ව ඇති ව්‍යාපාර සඳහා රුපියල් මිලියන 15 දක්වාද සහන පොලී මත ණය ලබා දීමට රුපියල් මිලියන 25,000ක්.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 5900ක්.

* කෘෂිකාර්මික අගය දාමයන් වෙනුවෙන් නව සපිරි ණය යෝජනා ක්‍රමය හරහා 5%ක පොලී අනුපාතය යටතේ රුපියල් මිලිය 3 දක්වා කෘෂිකාර්මික ණය ලබා දීමට රුපියල් මිලියන 1700ක්.

* සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ණය යෝජනා ක්‍රමය හරහා අලුත් ණය ක්‍රමයක් ආරම්භ කර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 7700 වෙන් කර ඇති අතර ඒ තුළින් සහන පොලියට රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට පියවර.

* කෘෂිකාර්මික අගය දාමයන් සංවර්ධනය කිරීම සඳහා සහණ පොලී වැඩසටහනක් යටතේ රුපියල් මිලියන 50 දක්වා ණය ලබා දීමට රුපියල් මිලියන 6200ක් වෙන් කර ඇති අතර ගොඩපන ණය යෝජනා ක්‍රමය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් මිලියන 50ක් දක්වා ණය ලබා ගැනීමට රුපියල් මිලියන 15000ක් වෙන් කෙරේ.

* කෘෂි ව්‍යාපෘති සඳහා ප්‍රවේශවීම ඉහළ නැංවීම වෙනුවෙන් තිරසාර ගොවි ණය අරමුදලක් පිහිටුවීමට රුපියල් මිලියන 800ක් වෙන් කෙරේ.

* තරුණ ව්‍යවසායකත්වය, ණය යෝජන ක්‍රම, ක්ෂුද්‍ර මූල්‍ය ණය, කාන්තා ව්‍යවසායකත්ව ණය ඇතුළත්ව සියලු ණය යෝජනා ක්‍රම සඳහා මුදල් වෙන් කර ඇති අතර ඒ අනුව ප්‍රති මූල්‍ය ණය ප්‍රදාන, ණය ප්‍රධන, ගොඩපණ ණය, ඇප රහිත ණය, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම වෙනුවෙන් 2026 වසර සඳහා රුපියල් මිලියන 80,000ක්

* ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාකීය නිෂ්පාදනය සහ සේවා ව්‍යාප්ත කිරීම සඳහා අපනයන නැඹුරු ව්‍යවසායක් සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ව්‍යවසායකයින්ට ගෝලීය වෙළඳපල සමග කාර්යක්ෂමව සම්බන්ධ වීමට හැකියාව ලබා දීම සඳහා ජාතික ‍තනි වෙළෙඳ කවුලුව පහසුව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 2,500ක්.

* කර්මාන්ත කලාප පිහිටුවීමට සහ සංවර්ධනය මනා ලෙස කළමනාකරණය කිරීමට 2026 වසරේ දැනට වෙන් කර ඇති රුපියල් මිලියන 4,000ක ප්‍රතිපාදනවලට අමතරව රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.

* ආනයන වැඩි කිරීම සඳහා අපනයන අපනයනය සංවර්ධන මණ්ඩලය විසින් ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක සකස් කරමින් පවතින අතර එම ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල මූලික කටයුතු සඳහා අමතරව රුපියල් මිලියන 250ක්.

*විදේශ සහ දේශීය ආයෝජන සඳහා වඩාත් ශක්තිමත් වූ දිරිගැනීම් පාලන තන්ත්‍රණයක් ඇතිකිරීමට ක්‍රමෝපායික සංවර්ධන පනතට සහ කොළඹ වරාය කොමිෂන් සභා පනතට සංශෝධන.

*රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය පිළිබඳ නියාමනය සඳහා වූ පනත 2026 දී පාර්ලිමේන්තුවට.

*ආයෝජකයින්ගේ විශ්වාස තහවුරු කිරීමට ආයෝජන ආරක්ෂණ පනත 2026 මුල්භාගයේදී සම්මත කරගන්නවා.

*ආයෝජන කලාප ආශ්‍රිත සේවා ආර්ථික කලාප ගොඩනැගීමට රු .මි 2,000ක් වෙන්කර ඇති අතර, එයට අමතරව රු මි 1,000ක් වෙන් කිරීමට යෝජනාවක්.

*තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රය තුළට ආයෝජකයින් ගෙන ඒම අභියෝගයක් වී තිබේ. වසර ගණනාවක් අත්හැර දමා ඇති කුරුණෑගල හා ගාල්ලේ ඇති තාක්ෂණික උද්‍යාන සඳහා ගෙවා නොමැති හිඟ මුදල රු. මි 1,500ක් මේ වසරේ ගෙවා නිමකිරීමට නියමිතයි. එමෙන්ම අලුතින් නුවරඑළියේ හා දිගන තාක්ෂණික ආයෝජන කලාප දෙකක් ආයෝජන මණ්ඩලය හරහා ඉදිකිරීමට නියමිතයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...