spot_img
spot_img

කෙහෙළිය ඇතුළු 12 දෙනාගේ ප්‍රතිදේහ නඩුවට ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් නියෝගයක්

රජයේ මුදල් වැය කරමින්, ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ (Human Immunoglobulin) එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය, නොවැම්බර් මස 26 වන දා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (06) නියෝග කළේය.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලක රත්නබණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව අද කැඳවනු ලැබීය.

නඩුව කැඳවූ අවස්ථාවේදී, දෙවන විත්තිකරු වන කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයා, තම සේවාදායකයාට නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන විභාගයකට සහභාගී වීමට ඇති බැවින් අධිකරණයෙන් පිටව යාමට අවසර ඉල්ලා සිටියේය. විනිසුරු මඩුල්ල එම ඉල්ලීමට අවසර ලබා දුන්නේය.

ඒ අනුව, නඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 26 වන දා ආරම්භ කිරීමට අධිකරණය දින නියම කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...