Sunday, April 19, 2026
spot_img
spot_img

Google Pixel නවතම දුරකථන එළියට

ගූගල් සමාගමේ කෘතීම බුද්ධිය අන්තර්ගත Pixel ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

එම සමාගම විසින් පසුගියදා අමෙරිකාවේ කැලිෆෝනියාවේ පැවති උත්සවයක දී මෙම දුරකථන ප්‍රදර්ශනය කර තිබෙනවා.

ගූගල් සමාගම නිවේදනය කර ඇත්තේ මෙම කෘතීම බුද්ධිය අන්තර්ගත දුරකථන සඳහා Screenshot search සහ Gemini chatbot විශේෂාංග අන්තර්ගත කර ඇති බවයි.

ඒ අනුව, Google Pixel 9 දුරකථන මාදිලිය අඟල් 6.3ක තිරයකින් සමවිතවන අතර, එහි මිල අමෙරිකානු ඩොලර් 799සිට ආරම්භ බව එම සමාගම සඳහන් කළා.

ඔවුන්ගේ පෙර මාදිලියට සාපේක්ෂව මෙම දුරකථනයේ මිල ඩොලර් 100කින් ඉහළ නංවන බව එම සමාගම පවසනවා.

Google Pixel 9 Pro XL දුරකථන අඟල් 6.8ක තිරයකින් සමන්විත වන අතර, එය වෙළඳපොළ වෙත නිකුත් කිරීම මේ මස ආරම්භ කිරීමට නියමිත බවයි සමාගම පවසන්නේ.

එමෙන්ම උසස් මට්ටමේ තාක්ෂණයකින් සමන්විත නැමිය හැකි Google Pixel 9 Pro XL සහ ඝූග්ලෙ Google Pixel 9 Pro Fold දුරකථන දිත්වය එළඹෙන මස වෙළඳපොළට නිකුත් කිරීමට ආරම්භ කිරීමට අපේක්ෂිත බව සමාගම සඳහන් කරනවා.

එමෙන්ම Google Pixel 9 දුරකථන මාදිලියේ තිරය OLED තාක්ෂණයෙන් සමන්විත උසස් විශේෂාංග සහිත තිරයක්වන අතර, මෙම දුරකථනය Google විසින් නිර්මාණය කරන ලද නවතම ප්‍රොසෙසරයකින් ද සමන්විත වනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...