Thursday, June 4, 2026
spot_img
spot_img

T20 ලෝක ශූරතාව ඉන්දියාවට

2026 පන්දුවාර 20 ලෝක ශූරයින් බවට පත්වීමට ඉන්දියාව සමත්විය. ඒ අනුව ඔවුන් පිට පිටම පන්දුවාර 20 ලෝක ශූරයින් බවට පත්වීමට සමත් වී තිබෙන අතර, මෙවර අනුශූරතාවයකින් සෑහිමකට පත්වීමට නවසීලන්තය සිදු විය.

අද තරගයේ ලකුණු 256ක දැවැන්ත පිළිතුරු ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 19ක් අවසානයේ කඩුළු සියල්ල දැවි රැස් කරගත හැකි වුණේ ලකුණු 159ක් පමණයි. එහිදී, ටිම් සයිෆර්ට් ලකුණු 52ක්ද, නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 43ක්ද රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දියාව වෙනුවෙන්, ජස්ප්‍රිත් බුම්රා කඩුළු 04ක්ද, අක්ෂර් පටෙල් කඩුළු 03ක්ද, හාර්ඩික් පාණ්ඩ්‍යා, අභිෂේක් ෂර්මා, වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකරගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා.

එහිදී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 255ක් රැස් කළා. ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සංජු සැම්සන් ලකුණු 89ක්ද, අභිෂේක් ෂර්මා ලකුණු 52ක්ද, ඉෂාන් කිෂාන් ලකුණු 54ක්ද රැස් කළා. පන්දු යැවීමේදී නවසීලන්තය වෙනුවෙන් ජේම්ස් නීෂම් කඩුළු 03ක්ද, රචින් රවීන්ද්‍ර, මැට් හෙන්රි එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...