Wednesday, June 3, 2026
spot_img
spot_img

ඉරාන නැවේ මළ සිරුරු 84ක් සොයා ගනී

අනතුරට ලක්වු ඉරාන නෞකාවේ සිටි පුද්ගලයන් 84 දෙනකුගේ මළ සිරුරු ගාල්ල කරාජිටිය ජාතික රෝහලේ මෘත ශරිරාගාරය වෙත ඊයේ (04) රාත්‍රි රැගෙන එනු ලැබු බව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මළ සිරුරු රැගෙන ඒම සදහා අවශ්‍ය බෑග් කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශය මගින් නාවික හමුදාව වෙත ලබා දි තිබුණි.

රෝහලේ මෘත ශරිරාගාරය වෙත රැගෙන එනු ලැබු මළ සිරුරු වලින් කොටසක් මෘත ශරිරාගාරයේ තැන්පත්කිරිමට කටයුතු කළ බවත් ඉතිරි මළ සිරුරු අයිස්කැට අතුරා තැන්පත් කිරිමට කටයුතු කළ බවද අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

අනන්‍යතාවය තහවුරු කර ගැනිම සදහා සෑම මළ සිරුරක්ම ඡායාරුපගත කිරිමට කටයුතු කළ බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර මහතා සදහන් කළේය.

එකි මළ සිරුරුවල මුහුණු ඡායාරුපගත කොට ලේඛනගත කිරිමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.

ඉතිරි මළ සිරුරු තැන්පත් කිරිම සදහා අද (05) ශිතාගාරයක් ලැබිමට නියමිතව ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය අජිත් රත්නවිර,මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...