spot_img
spot_img

ලබුබූ ගත්තද? පිස්සු වට්ටපු ලබුබු ගැන තිත්ත ඇත්තක් එළියට එයි

පසුගිය වසරේ ලෝකය පුරා වේගයෙන් පැතිර ගිය සහ 2026 දී ජනප්‍රියත්වයේ අඛණ්ඩව වර්ධනය වීමක් අපේක්ෂා කරන, සෙල්ලම් බඩුවක් වන ලබු බූස් හි සැපයුම් දාමයේ සේවක සූරාකෑම පිළිබඳ සාක්ෂි සොයාගෙන ඇති බව කම්කරු අයිතිවාසිකම් පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානයක් වාර්තා කර ඇත.

මෙම සෙල්ලම් බඩුව අලෙවි කරන චීන සෙල්ලම් බඩු සමාගමක් වන පොප් මාර්ට් හි ප්‍රධාන විධායක නිලධාරීයා විසින් 2025 දී යුවාන් බිලියන 20ක ආදායම් ඉලක්ක කිරීම සහ ලබුබූස් 2025 මුල් භාගයේදී පමණක්, යුවාන් බිලියන 4.8 විකුණුම් වාර්තා වීම අදාල චෝදනාවට ප්‍රබල සාක්ෂියක් වී ඇත.

පොප් මාර්ට් සැපයම්කරුවන් හිස් කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට කම්කරුවන්ට බල කිරීම, චීන නීතියෙන් අවශ්‍ය තරුණ සේවකයින් සඳහා විශේෂ ආරක්ෂාවක් නොමැතිව අවුරුදු 16 සහ 17 වයස්වල අය සේවයේ යොදවා ගැනීම, ප්‍රමාණවත් සෞඛ්‍ය සහ ආරක්ෂක පුහුණුවක් නොමැතිකම සහ අනෙකුත් කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් හඳුනාගෙන ඇති බව නිව් යෝර්ක් පදනම් කරගත් රාජ්‍ය නොවන සංවිධානයක් වන චයිනා ලේබර් වොච් විසින් කරන ලද විමර්ශනයකට අනුව හෙළි වී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...