National Development Bank PLC (NDB බැංකුව) මීට පෙර දැනුම් දුන් මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් කළමනාකරුවෙකු සහ බැංකු පද්දතියේ මුර පද ලග තිබූ තවත් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සදහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩි දුර විමර්ශන කටයුතු සිදුකුරිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බවයි.
NDB බැංකුව පැහැදිලිව අවධාරණය කරන්නේ, මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුමේ ඇති මුදලකට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බවටයි.
සියලුම ගනුදෙනුකරුවන්ගේ මුදල් සුරක්ෂිතව පවතින අතර, බැංකුවේ සියලු සේවාවන් සහ මෙහෙයුම් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවට නිල නිවේදනයක් නිකුත්කරමින් බැංකුව සදහන් කරනවා.
බැංකුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ, මෙම සිද්ධිය බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට පමණක් සීමා වූ එකක් බවත්, එයට සේවකයින් කිහිපදෙනෙකුගේ සම්බන්ධතාවයක් තිබූ බවට හඳුනාගෙන ඇති බවයි.
මෙම තත්ත්වය හඳුනාගත් වහාම NDB බැංකුව ඉක්මන් සහ දැඩි පියවර ගෙන ඇති බවත් එම නිවේදනයේ සදහන්.
අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති අතර, විමර්ශන සඳහා අවශ්‍ය සියලුම වාර්තා සහ සාක්ෂි ආරක්ෂිතව රඳවාගෙන ඇති බවටද එම බැංකුව සදහන් කරනවා.
එමෙන්ම, මෙම සිද්ධියට සම්බන්ධ වූ මෙහෙයුම් අංශය දැඩි අධීක්ෂණයකට යටත් කර ඇති අතර,
අභ්‍යන්තර පාලන ක්‍රම, වාර්තාකරණ ක්‍රම සහ ප්‍රවේශ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බවද බැංකුවනිකුත් කල නිවේදනයේ සදහන්.
කෙසේවෙතත්, සිය නිල නිවේදනය මගින් බැංකුව අවධාරණය කරන්නේ,
තම මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත්ව පවතින බවයි.
NDB බැංකුව 2025 වසර සඳහා රුපියල් බිලියන 11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර,
2026 මාර්තු 31 වන විට එහි සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 990ක් පමණ වන බවද එහි සඳහන් .
එමෙන්ම, මෙම සිද්ධියෙන් පසුවත් බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණය සහ නියාමන මට්ටම්, ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයට අදාළ අවම නියාමන සීමාවන්ට ඉහළින්ම පවතින බවද බැංකුව තහවුරු කරනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැනුවත් කර ඇති අතර,
බැංකුවේ ස්ථාවරත්වය සහ සාමාන්‍ය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නියාමන සහය සහ අධීක්ෂණය ලබාදී ඇති බවටයි අදාල නිවේදනය මගින් දැනුම්වත් කරන්නේ.
නියාමන උපදෙස් අනුව, 2026 අප්‍රේල් 6 දින ගෙවීමට නියමිත මුදල් ලාභාංශය (Cash Dividend) තාවකාලිකව අත්හිටුවා ඇති අතර,
Scrip Dividend සැලසුම් කළ පරිදි ඉදිරියටම ක්‍රියාත්මක වන බවද නිවේදනයේ සදහන් වනවා.
NDB බැංකුව නිල නිවේදනය මගින් සඳහන් කරන්නේ,
විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තහවුරු නොකළ තොරතුරු, කටකතා හෝ අනුමාන ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.




