ජනතාව අතර වෛරස උණ රෝගයක් වියාප්තවෙමින් ඇතිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් ජී.විජේසූරිය මහතා පවසනවා.
උණ,වමනය හා සෙම්ප්‍රතිශ්‍යාව එහි රෝග ලක්ෂණයි.
බොහෝ විට ස්වසනය හා ස්පර්ශය මගින් මෙම වෛරසය බෝවීම සිදුවන බවටයි සෞක්‍ය අංශ පෙන්වා දෙන්නේ.
මෙම තත්වය තුළ යළි මුඛ ආවරණ පැළැදිම සුදුසු බව ද සෞක්‍ය අංශ පවසනවා.
දින දෙකකට වඩා උණ පවතින්නේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකල යුතුයි.
මේ පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බවත් සෞක්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කරනවා.
Comments




