spot_img
spot_img

සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ කුමන්ත්‍රණක් ගැන හෙළිදරව්වක්

ඉදිරියේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රය අඩපණ කිරීමේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඒ සඳහා ආර්ථික අපහසුතා සහිත සේවකයින් එක්කර ගැනීමට එම කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව ඔහු සඳහන් කළේ.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික සෞඛ්‍ය වෘත්තීය සමිති සංගමය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව පැවසුවා.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකයකු ලෙස පසුගියදා පත්වුණා.

ඒ මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙසද කටයුතු කරනවා.

එවන් පසුබිමක සිටයි ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අනිද්දා දින දිවයින පුරා රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි සඳහන් කළහ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...