ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සදහා වන යෝජනා ඇතුලත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
මෙම කැබිනට් පත්‍රිකාව සැකසීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද පත් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාළ ආයතන ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාළ ගෙවීම් මේ වන විට අවසන් කර ඇති බවයි.
ඒ අනුව පසුගිය වසරේ එලෙස ගෙවා අවසන් කෙරුණු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 12,501ක්.
ඉදිකිරීම් ගිවිසුම් අලුත් කිරීමේ දී මිල ඉහළයාම් වලට අදාළ ගෙවීම් ඇතැම් රාජ්‍ය ආයතන මගින් සිදු නොකිරීම, ගෙවීම් ප්‍රමාද ගාස්තු නොගෙවීම වැනි ගැටලු විසදීම සදහා වන යෝජනා යෝජිත කැබිනට් පත්‍රිකාවට ඇතුලත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.




