spot_img
spot_img

කිරි තේ මිල ගැන තීරණයක්?

ආනයනික කිරිපිට මිල ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට අඩු කිරීමේ වාසිය හෝටල් සහ ආපනශාලා වෙත පැමිණෙන පාරිභෝගිකයාට ද ලබාදිය යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් පවසනවා.

ඒ අනුව, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ හෝටල් සහ ආපනශාලාවල අලෙවි කරනු ලබන කිරි තේ එකක් සඳහා රුපියල් 80.00ක පාලන මිලක් නියම කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා සිටින බවයි.

මේ වනවිට වෙළඳපොළේ කිරි තේ එකක් රුපියල් 100 සිට රුපියල් 150 අතර මිල ගණන්වලට අලෙවි කරන බව ඔහු පෙන්වා දෙනවා.

රජය විසින් ඊයේ (24) මාධ්‍ය රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150 කින් සහ ග්‍රෑම් 400ක ආනයනික කිරිපිරි පැකට්ටුවක මිල රුපියල් 60 කින් පහත දැමීමට කටයුතු කළා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...