spot_img
spot_img

අනධ්‍යයන වර්ජනයට අදට දින 53ක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ලබන සඳුදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අන්තර් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනය පවසනවා.

එහි සමලේකම් කේ.එල්.ඩී. රිච්මන් මහතා පැවුසවේ ඊයේ (28) දින රැස්වූ වෘත්තීය සමිති එකමුතුව වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බවයි.

කේ.එල්.ඩී. රිච්මන් මහතා,

“විශ්වවිද්‍යාල පද්ධතියි අකර්මන්‍ය ‍වෙලා අදට දින 53ක් වෙනවා. මේ වෙනකම් ගැටලු විසඳීමට සාධනීය මැදිහත්වීමක් කරලා නෑ රජය. ඊයේ දිනයේ වෘත්තීය සමිති රැස් ‍වෙලා තීරණය කළා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරගෙන යාමට. නිසි විසඳුමක් නොලැබුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...