spot_img
spot_img

බලයේ ඉන්න පක්ෂය ඍජුවම වැරදි කරපු පක්ෂයක් ජේ. ආර්ටත් එහාට ගියපු නරකම පූර්වාදර්ශයක් ඔවුන් අද පාර්ලිමේන්තුවට ගෙනාවා – දිලිත් ජයවීර

බලයේ ඉන්න පක්ෂය ඍජුවම වැරදි කරපු පක්ෂයක් බව සර්වජන බලය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

සම්පුර්ණ කතාව:

එන්න එන්නම නරක වන සමාජ, වියමනක, පද්ධතියක වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් වෙමින්, විසී දෙවන වතාවටත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු ආරම්භ කරපු අද දිනයේදී, අපි සඳහන් කළ යුතුයි, දැන් අපේ මේ ආණ්ඩුවේ බලයේ ඉන්න පක්ෂය ඍජුවම වැරදි කරපු පක්ෂයක්.

නමුත් මේ සියල්ල තුළ අපි හැමදාම උත්සාහ කරේ, විශේෂයෙන්ම මම පෞද්ගලිකව දේශපාලනයට එන්න තීරණය කරේ, ඍජුවම මේ ක්‍රියාදාමයට මැදිහත් වෙලා වඩා හොඳ ශ්‍රී ලංකාවක් දකින්න අපේ මේ මුහුකුරා ගිය ජීවිතයේදී මේ සමයේදී අපිට අවස්ථාවක් ලැබෙයි කියලා. නමුත් බලාගෙන ඉද්දී ඒ බලාපොරොත්තුව කඩා වැටෙන ආකාරය දැන් පැහැදිලියි. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට බලපෑම් කරපු අවස්ථාවන් බොහෝමයක්, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කරපු අවස්ථාවන් බොහෝමයක්. එය ජේ. ආර්. ජයවර්ධන අඳුරු යුගයේ අපි සලකන මුහුණුවලත් එක්ක එකතු වෙලා අපි එය වෙනුවෙන්, ඊට විරුද්ධව සටන් කරපු අය හැටියට, ඒ නෙවිල් සමරකෝන් අග්‍ර විනිශ්චයකාරතුමාගේ ඒ ගෙදරට ගල් ගහපු යුගයේ සිට, අද මේ සිටින අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඒ නිදහසට ඍජු බලපෑමක් කරමින්, රාජ්‍යයක, රටක ප්‍රජාතන්ත්‍රවාදයේ ඒ වඩා වැදගත් කුළුණු තුන වන විධායකයද, ව්‍යවස්ථාදායකයද, අධිකරණයද තුළ තිබිය යුතු ඒ වෙනස සම්පූර්ණයෙන්ම හෙළා දකිමින්, ඒ තිබුණු සමතුලිතභාවය සම්පූර්ණයෙන්ම හෙළා දකිමින්, විධායකය ඍජුව මැදිහත් වුණු නරකම පූර්වාදර්ශය අද අපිට දකින්න පුළුවන්.

මෙයට බරපතල විදිහට මමත් නියෝජනය කරන අපගේ නීතිඥ සංගමය ඇතුළුව, ගරුතර මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළුව, පිට රටවල ඉන්න සියලුම නීතිඥ සංගම් ඇතුළුව, මහජනතාව ඇතුළුව, විපක්ෂය ඇතුළුව විරුද්ධ වෙද්දී, මෙතරම් දරදඬු විදිහට මේ කටයුත්ත කරන්නේ කුමක් නිසාදැයි කියලා අද වෙනකොට ජනතාව තේරුම් අරගෙන තියෙනවා. ඉතින් ඔබ මෙය කරන්න උත්සාහ කරන, යම් හෙයකින් අවසානයේදී මේ සම්මත වුණොත්, අපි මේ දෙන පූර්වාදර්ශය මම හිතන්නේ මේ රටේ නූපන් දරුවන්ටත් බලපාන, මේ රටේ අනාගතයට හැමදාම බලපාන මේ නරක, කැත පූර්වාදර්ශයක් බව ඉස්සෙල්ලාම පවසන්න ඕන.

එහි ප්‍රතිඵලය හැටියට මින් ඉදිරියට මේ සිදු වුණොත්, මේ ලංකාවේ කිනම් හෝ අධිකරණයකින් දෙනු ලබන තීන්දුවක් තවදුරටත් නිදහස් අධිකරණ තීන්දුවක් හැටියට මේ රටේ ජනතාව පිළිගන්නේ නැහැ. එය විධායකය මැදිහත් වුණු, ව්‍යවස්ථාදායකය මැදිහත් වුණු, ඒ තුළ සිටින ආණ්ඩු පක්ෂය මැදිහත් වන තීරණ තීන්දු හැටියටයි මේ රටේ ජනතාව මින් ඉදිරියට සලකන්නේ කියන එකත් මම දැන්මම කියා සිටින්න ඕන. මෙය බොහෝම සද්භාවයෙන් කියන්නේ. අපේ මිත්‍රයෝ, අපි ඔක්කොම එකට සටන් කරා. අපි සටන් කරේ වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා. අපි බලාපොරොත්තු වුණා වඩා හොඳ ශ්‍රී ලංකාවක් සඳහා එකදු හෝ පියවරක් ඉදිරියට තියයි කියලා. නමුත් ජේ. ආර්. ජයවර්ධනටත් වඩා එහාට ගියපු නරකම පූර්වාදර්ශයක් අද මේ පාර්ලිමේන්තුවට ගෙනාවා.

ඉතින් එය ප්‍රකාශ කරමින්, අද මේ සංවාදයට ලක් කරන අපේ ආර්ථික කරුණු සම්බන්ධයෙනුත් යමක් සඳහන් කරන්න ඕන, බොහොම අවංකව කියන්නේ, මම දන්නේ නැහැ මොවුන් මෙය තේරුම් අරගෙනද කතා කරන්නේ කියලා. අපේ ඇමතිතුමා මෙතන කතාවක් පවත්වල ගියා, එතුමා මෙතන නැහැ. නමුත් මම හිටියා නම් කැමතියි, මම එතුමාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ. අපි ආර්ථික විශේෂඥයෝ නොවන නිසා, අපි දන්න කරුණු ගැන පමණක්, දන්න උදාහරණ පමණක් අරගෙන මේ පාර්ලිමේන්තුවේ කතා කරන්න කැමති නිසා. එතුමා කතා කරපු කරුණු අතර, එතුමා උත්සාහ කරා කියන්න අපේ ආර්ථිකයේ ප්‍රගතියක් ඇති වෙමින් පවතිනවා කියලා. එතුමා උත්සාහ කරා එතුමාගේ මැදිහත් වීමත්, තවත් එතුමාගේ කණ්ඩායමේ මැදිහත් වීමත් නිසා අද අපිට අපේ අපනයනය වර්ධනය කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා කියලා. මෙය කිසිසේත්ම යථාර්ථයක් නෙමෙයි. මෙය යථාර්ථයක් නොවන්නේ අද මහා පොළොවේ කර්මාන්තශාලා හිමියන්, ඒ ව්‍යවසායකයින් එක්ක ඔබ අවංක සංවාදයකට ගියොත්, ඔවුන් සමග සාකච්ඡා කළොත්, අද ඇතිවී තිබෙන තත්ත්වය ගෝලීය අභියෝගයන් හමුවේ, ගෝලීය වෙළඳපොළ තුළ ඇතිවී ඇති නව ප්‍රවණතාවයන් හමුවේ, අපේ මේ කුඩා ලංකාව මහා විශාල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා අපේ මේ කර්මාන්තශාලා, අපේ ව්‍යාපාර රැකගන්න. ඒයි යථාර්ථය.

අපේ අපනයන, ඒ වගේම දේශීය කර්මාන්ත සියල්ලම මහා විශාල අභියෝගයන්ට මුහුණ දෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඔබ අද මේ ගෙනියන ඔබවත් නොදන්නා මාර්ගයක ඔබ යන මේ ආර්ථික ප්‍රතිපත්තිය මත. විශේෂයෙන්ම ඔබ භාවිතා කරන මේ බදු කරණ ප්‍රතිපත්තිය මත, විශේෂයෙන්ම ඔබ භාවිතා කරන මේ වියදම් ගැලපුම මත, විදුලි බිල බරක් හැටියට ඒ ව්‍යවසායකයන් මතට පැටවීම නිසා, එවැනි තත්ත්වයක් තුළ මේ සියලු ක්ෂේත්‍රයන් කඩා වැටෙමින් පවතිනවා. මම එක උදාහරණයක් පමණක් මේ අවස්ථාවේදී නැවතත් මේ පාර්ලිමේන්තුවේ සඳහන් කිරීමට කැමතියි; අපේ සංචාරක කර්මාන්තය. මේ සංචාරක කර්මාන්තයේ අපේ හිටපු සභාපතිතුමා, මෙතෙක් හිටපු සභාපතිතුමා ඊයේ මම හිතන්නේ අස්වුණා, අපේ බුද්ධික හේවාවසම් ඇමතිතුමා මම හිතන්නේ තාමත් ඔබතුමාලා දාලා නැහැ සභාපතිතුමෙක්. ඉතින් එතුමා අස්වෙන්නෙත් ඉතාම දුෂ්කර තත්ත්වයක් තුළ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය, බරපතල අර්බුද, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය බරපතල අර්බුදයක් හමුවේ තිබෙන අවස්ථාවක. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, සංචාරකයින් එන ප්‍රමාණය මොන විදිහට අපි උත්කර්ෂයට නංවන්න උත්සාහ කරත්, යථාර්ථය වන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයේ යම්කිසි ඉහළම තැනකට එය ඇවිත් තිබුණා නම්, එයත් අපිට අවශ්‍ය තත්ත්වය නෙමෙයි, නමුත් යම්කිසි ඉහළම තත්ත්වයකට පැමිණ තිබුණා නම්, ඒ පැමිණ තිබුණේ පාස්කු ප්‍රහාරයට කලින් තිබුණු තත්ත්වය තුළ.

සරල දත්ත හැටියට ගත්තොත් මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එවාකට සංචාරක කර්මාන්තයේ යෙදුණු කොළඹ හෝටල්, කොළඹ හෝටල් පමණක් අපි බැලුවොත්, මේ කොළඹ හෝටල් වල 2018 – 2019 දී සාමාන්‍ය රේට් එක, ඒ කියන්නේ ඇවරේජ් එක තිබුණා ඩොලර් 128 ක්. අද වෙනකොට එය ඩොලර් 80 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඇවරේජ් ඔකියුපන්සි එක, සාමාන්‍යයෙන් කාමර වල ඉන්න සංචාරකයින්ගේ ඔකියුපන්සි එක තිබුණේ 70% යි, අදත් ඒ මට්ටමේම තියෙනවා. හැබැයි අපේ එක කාමරයක් සඳහා ලැබෙන ආදායම 58% දක්වා, ඒ කියන්නේ 100% ක් තිබුණා නම් 58% දක්වා අඩු වෙලා තියෙනවා. 37.5% කට, 37% කට හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් මෙය වැටිලා තියෙනවා. එතකොට අපේ මේ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ගේ වියදම වැඩි වෙලා තියෙනවා. ආදායම අඩු වෙලා තියෙනවා. සංචාරක කර්මාන්තයේ යෙදෙන මහා පරිමාණයේ හෝටල්, ඒ වගේම මධ්‍යම පරිමාණයේ හෝටල් අද විශාල අර්බුදයක තිබෙනවා. නමුත් අපි ජනගත කරන්න හදනවා, උත්කර්ෂයට නංවන්න හදනවා අපේ සංචාරක කර්මාන්තය දියුණු වෙලා කියලා. ඒ සංචාරක කර්මාන්තය දියුණු වෙන්න නම් ගත යුතුව තිබෙන කිසිම පියවරක් නොගෙන අපි මේ සංවාදය අද කරගෙන යනවා. එතකොට අපි මේ බොරුවෙන් අපිවම රවට්ටා ගන්නවා නම්, අපිට…

අපිට අපි හොඳටම දන්න කරුණ අමතක කරලා අපි කටයුතු කරනවා නම්, අපි කොහොමද මේ රටේ මේ සංවාදය කරගෙන යන්නේ? මොකටද අපි මේ පාර්ලිමේන්තුවට එන්නේ? මොකටද මේ කාරණා අපි මෙතන කියලා, මම මේ සංචාරක කර්මාන්තය ගැන දැන් කොච්චර කතා කරලා තියෙනවාද? මේ සංචාරක කර්මාන්තයට අදාළ ආයතන වල අදටත්, අදටත් ලංකාවේ මේ ආණ්ඩුව ආවට ඇවිල්ලා අද වෙනකනුත් අපි අන්තර්ජාතික මට්ටමේ අපේ දැන්වීම් කරන එකක්, එහෙමත් නැත්නම් ඇඩ්වර්ටයිසිං කැම්පේන් එකක් කරලා අපේ මේ ඩෙස්ටිනේෂන් එක, මේ ගමනාන්තය සන්නාමයක් බවට පත් කරලා ඒකට අගයක් එකතු කරන්න කිසිම දෙයක් කටයුතු නොකරා නම්, එහෙමනම් කොහොමද අපි බලාපොරොත්තු වෙන්නේ අපිට මේ රටට වියදම් කරන්න පුළුවන් සංචාරකයින් එයි කියලා? එන්න එන්නම, එන්න එන්නම එන්නේ අඩු වියදම් සංචාරකයින් නම්, ඔවුන්ගේ ඒ වියදමින් අපිට අපේ සංචාරක කර්මාන්තයේ යෙදෙන්නන්ට තමන්ගේ වියදම ගැට ගහගන්න බැරි නම්, මේ හෝටල් වැසී යාම නුදුරු අනාගතයේදීම අපිට දකින්න පුළුවන් වෙයි. අපිට දකින්න පුළුවන් වෙයි.

ඉතින් ඒක නිසා තමයි අපි මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ හැම දෙයක් ගැනම විවේචනය කරන විපක්ෂයක දෘෂ්ටිකෝණයෙන් නෙමෙයි, මේවා සාධනීය යෝජනා, සාධනීය සංවාද. අපිට ඕන මේ සංවාදය තුළ මේ ආණ්ඩුව පවත්වාගෙන යන්න, ඔබට මේ දැනීම, මේ අවබෝධය ලබා දෙන්න පුළුවන් හැම අවස්ථාවකදීම මේක කරන්න මේ රටේ මහජනතාව වෙනුවෙන්. ඉතින් නමුත් මේ සියල්ල මේ තත්ත්වයේ පවතිද්දී, අපේ රටේ ආර්ථිකය බරපතල විදිහට කඩන් වැටිලා, අපේ අද මං දන්නේ නැහැ මේ ගමෙන් ආපු අපේ මිත්‍රයෝ ගමට යනවාද කියලා. ගමට ගිහිල්ලා ගමේ මනුස්සයා කන්නේ බොන්නේ කොහොමද කියලා අහනවාද කියලා. අපේ මේ මිනිස්සු අද කොච්චර දුක් විඳිනවාද කියලා ඔබ දන්නවාද, දැනගෙන නොදන්නවා සේ ඉන්නවාද කියන එක විතරයි මට අහන්න තියෙන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...