spot_img
spot_img

පියුමි CIDයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැදවා ළඟදීම ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවට ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි අටක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය පියුමි හංසමාලි මිලදී ගැනීම ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසන බව සඳහන්.

පියුමි හංසමාලි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති බවත් එම බැංකු වාර්තා ලැබුණු පසු ඒවා දීර්ඝ සහ පුළුල් ලෙස විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවත් රහස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

නිරූපණ ශිල්පිනී හංසමාලිගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණා.

එම කුරියර් සමාගමේ සේවය කරන තවත් කිහිපදෙනකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය කටයුතු යොදා තිබෙන බවට වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...