spot_img
spot_img

පියුමි CIDයට

නීතිවිරෝධී සහ සැකකටයුතු අන්දමින් කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක දේපළ උපයාගත් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැදවා ළඟදීම ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවට ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කර විකුණා ගැනීමට නොහැකිව තිබූ රුපියල් කෝටි අටක් වටිනා රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථය පියුමි හංසමාලි මිලදී ගැනීම ඇතුළු සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් ඉදිරියේදී ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසන බව සඳහන්.

පියුමි හංසමාලි රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නවයක පවත්වාගෙන යන බැංකු ගිණුම් 19ක තොරතුරු ඉල්ලා ඇති බවත් එම බැංකු වාර්තා ලැබුණු පසු ඒවා දීර්ඝ සහ පුළුල් ලෙස විමර්ශනය කිරීමෙන් පසු හෙළිවන තොරතුරු අනුව ඇයගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව ඇති බවත් රහස් පොලිස් නිලධාරියෙක් පවසා තිබෙනවා.

නිරූපණ ශිල්පිනී හංසමාලිගේ ආලේපන හා රූපලාවණ්‍ය උපකරණ බෙදාහරින කුරියර් සමාගමේ සභාපතිවරයාගෙන්ද රහස් පොලීසිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබුණා.

එම කුරියර් සමාගමේ සේවය කරන තවත් කිහිපදෙනකුගෙන්ද ඉදිරියේදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය කටයුතු යොදා තිබෙන බවට වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...