ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලය මගින් ක්රියාත්මක කිරීම ආරම්භ කළේය.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ( විශ්රාමික) තුෂාර ප්රනාන්දු මහතාගේ සංකල්පයක් අනුව , ප්රවාහන අමාත්යංශයේ අනුමැතියෙන් මෙම ක්රියාමර්ගය ගෙන තිබේ.
මේ සමග නව යතුරු පැදි ලියාපදිංචියට කොලඹ කාර්යාලය වෙත යාමට සිදුවීමෙන් මහජනතාවට ඇති වූ දුෂ්කරතාව මගහැරෙන අතර, මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ප්රාදේශීය කාර්යාලයන් වෙත විමධ්යගත කිරීමේ පියවරක් වශයෙන් මෙම ක්රියාමාර්ගය ගෙන තිබේ.
මෙම නව යතුරු පැදි ලියාපදිංචිය කිරීමේ කාර්යය අනුරාධපුර ප්රාදේශිය කාර්යාලය සහ ගම්පහ, කුරුණෑගල , යාපනය හා හම්බන්තොට යන ප්රාදේශීය කාර්යාලයන්ගෙන් ද සිදුකර ගත හැකියි.
මෙම නව වැඩපිළිවෙලේ සමාරම්භක අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුසන්ත කුමාර නවරත්න , වසන්ත සමරසිංහ අමාත්යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ප්රියන්ත රත්නායක , අනුරාධපුර අතිරේක දිස්ත්රික් ලේකම් දීපාල් සිරිමාන්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්රාදේශීය කාර්යාලයේ නියෝජ්ය කොමසාරිස් ප්රසන්න යසරත්න මහතා සඳහන් කළේ , අනුරාධපුර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් මෙතෙක් සිදුකළ අනෙකුත් සියලු කාර්යයන් ද සුපුරුදු පරිදි සිදු කෙරෙන බවයි.




