spot_img
spot_img

ලෝක වෙළඳපොළේ තෙල් මිල පෙරළෙයි

ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර නැවැත්වීමෙන් ගෝලීය සැපයුම තවදුරටත් සීමා කරන ගැටුම උත්සන්න වීම වළක්වා ගත හැකි බවට වෙළඳුන් ඔට්ටු ඇල්ලීම හේතුවෙන් තෙල් මිල තියුණු ආකාරායෙන් පහත වැටී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉරානය සමඟ පෙළ ගැසී සිටින හූතිවරු රතු මුහුදේ සෞදි අරාබි තෙල් ටැංකිවලට පහර දුන් විට, ඉකුත් සතියේ ඩොලර් 100 දක්වා ඉහළ ගොස් තිබුණා.

එහෙත් එක්සත් ජනපදය ඉරානය සමඟ “හොඳ සාකච්ඡා” පවත්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය හේතුවෙන්, බ්‍රෙන්ට් බොරතෙල් මිල 8% කින් පමණ පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දින 13ක් පුරා අඛණ්ඩව එල්ල වූ ප්‍රහාරවලින් පසු අමෙරිකානු මෙහෙයුම අවසන් වීම සහ සාකච්ඡා සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශ හේතුවෙන් මෙසේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී තිබුණේ, WTI බොරතෙල් බැරලයක මිල 8.21%කින්.

ඒ අනුව එහි මිල අමෙරිකානු ඩොලර් 81.98ක් වශයෙන් සටහන් විය. එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 9.31%කින් අඩුවී ඇති අතර එහි මිල වශයෙන් සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 87.77ක් බව සඳහන්.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...