spot_img
spot_img

අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට

බොලිවුඩ් සිනමාවේ සුපිරි නළු අමීර් ඛාන් සිය නව ප්‍රේමවන්තිය වන ගෞරි ස්ප්‍රැට් සමඟ ඊයේ (ජූලි 05) නිල වශයෙන් විවාහ දිවියට එළඹුණා.

පවුලේ අය සහ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු ඉදිරියේ පමණක් සිය විවාහය ලියාපදිංචි කිරීමට සැලසුම් කර ඇති බවත්, ඉන් පසු කිසිදු මංගල සාදයක් නොපවත්වන බවත් අමීර් විවාහයට පෙර සිටම ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව මෙම විවාහ උත්සවය ඔහුගේ මුම්බායි නිවසේදී පැවැත්වුණේ ඉතා සරලව සහ සමීපතමයින්ගේ සහභාගීත්වයෙන් පමණි.

මෙම සරල උත්සවය සඳහා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉර්ෆාන් පතන්, විකට නළු වීර් දාස් සහ චිත්‍රපට අධ්‍යක්ෂ අශුතෝෂ් ගෝවාරිකර් ද එක්ව සිටියා.

බොහෝ දෙනා ෂාරුක් ඛාන් සහ සල්මන් ඛාන් මෙම අවස්ථාවට එක්වෙයි කියලා බලාපොරොත්තුවෙන් සිටියද ඔවුන් ඊට සහභාගී නොවූ අතර, ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව මෙම සුපිරි තරු දෙක පසුව පවත්වන විවාහ සාදය සඳහා එක්වීමට නියමිත බව සඳහන් වනවා.

විවාහයෙන් පසු සිය ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරන තමන්ට ආශිර්වාද කරන ලෙස අමීර් ඛාන් රසිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම විවාහයට දෙපාර්ශවයේම දරුවන් එකට එකතුව සිටීම විශේෂත්වයක් වුණා.

අමීර්ගේ පළමු විවාහයේ දරුවන් වන ජුනයිඩ් ඛාන් සහ ඉරා ඛාන් ද, කිරන් රාඕ සමඟ ඔහුගේ දෙවැනි විවාහයෙන් ලැබුණු පුත් අසාද් ද මෙන්ම ගෞරි ස්ප්‍රැට්ගේ පෙර විවාහයෙන් ලැබුණු පුත්‍රයා ද මෙම අවස්ථාවට එක්ව සිටිනු දක්නට ලැබුණා.

අමීර් ඛාන් මීට පෙර රීනා දත්තා සහ කිරන් රාඕ සමඟ විවාහ වී සිටි අතර ඔවුන් වෙන් වූ නමුත් තවමත් සුහද සබඳතාවක් පවත්වනවා.

අමීර්ගේ අතගත් ගෞරි ස්ප්‍රැට්ගේ දෙවැනි විවාහය මෙය වන අතර, ඇය බැංගලෝර් හි රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින තැනැත්තියක්. එමෙන්ම ඇය 1920 ගණන්වල ඉන්දියාවට පැමිණ, පසුව ඉන්දීය නිදහස් අරගලයට සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය ජාතික කොමියුනිස්ට්වාදියෙකු වූ පිලිප් ස්ප්‍රැට්ගේ (Philip Spratt) මිනිබිරිය ද වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...