spot_img
spot_img

22 විශේෂ බහුතර ඡන්දයෙන් සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එහිදී ඊට පක්ෂව ඡන්ද 158 ක් සහ විපක්ෂව ඡන්ද 63ක් හිමිවිය.

විපක්ෂය ඇතුළු සිවිල් සංවිධානවල විරෝධය මැද මෙය සම්මත කර ගැනීමට සිදුවිය.

මෙම පනත් කෙටුම්පත්වල ඇති කරුණු අභියෝග කරමින් පෙත්සම් රැසක් සහ ඊට සහාය පළකරමින් අතරමැදි පෙත්සම් ඇතුළුව පෙත්සම් රැසක් ඉදිරිපත් විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය පසුගිය 22වන අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

එහිදී 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණි.

ඒ අනුව එම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ඊයේ (24) සහ අද (25) පැවැත්විණි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළ ඡන්දය විමසීම අද (25) රාත්‍රී 07.15ට පමණ සිදුවිය. (update – 19.26)

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...