spot_img
spot_img

නියමිත පරිදි ජාතික මැතිවරණ පවත්වන බවට ජනපතිගෙන් පොරොන්දුවක්

කිසිදු හේතුවක් මත ජාතික මැතිවරණ කල් නොදමා නියමිත පරිදි පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බුලත්සිංහල ප්‍රදේශයේ අද (06) පැවැති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

විපක්ෂයේ ඇතැම් පිරිස් වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණය කල් දමමින් ජනාමත විචාරණයකට සූදානම් වන බවට සිදු කළ ප්‍රකාශවලට පිළිතුරක් ලෙසට ඒ මහතා මේ බව කීය.

ජනමත විචාරණයකදී ජනතාවගේ මතය පිල් දෙකකට බෙදුණ ද ජනාධිපතිවරණයේදී එය තවත් කිහිපයකට බෙදෙනු ඇත.

එහි වාසිය ලබාගැනීමට නම් අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධාව ඉවත්වූ වහාම එය පවත්වන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

“සමහර අය කියනවා, අපි ලෑස්ති වෙන්නේ ජනාධිපති ඡන්දය කල් දාන්නලු. ජනමත විචාරණයක් තියෙන්න යනවාලු. දේශපාලන තර්ක ඥානය ගැන කිසිම අදහසක් නැති අය. ජනමත විචාරණයක් අරන් ආවොත්, දෙකට බෙදෙනවා. කළයයි, ලාම්පුවයි. ජනාධිපතිවරණයක් අරන් ආවොත්, හතර පහට බෙදෙනවා. එහෙම තියෙද්දී අපි ජනාධිපතිවරණය ගේනවා ද?

දේශපාලනය ගැන පොඩි විඥානයක් තියෙන අය දන්නවා. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණ ගේන්නේ නැහැ. ඡන්දය කල් දාන්න කියලා ජනමත විචාරණයක් අරන් ආවොත් මොකද වෙන්නේ? ඡන්දය කල් දාන්න එපා. ඡන්දය කල් දාන්න කියලා පෙරමුණු දෙකක් හැදෙනවා. නයි, පොළගු, මුගටි සේරම නගිනවා ඡන්දය කල් දාන්න එපා කියන තැනට. හැබැයි ජනාධිපතිවරයක් ආවොත්, එහෙම එකතු වෙන්න බැහැ. හැමෝම ඔටුන්න බලාගෙන ඉන්නේ. නියමිත පරිදි මහමැතිවරණය ජනාධිපතිවරණය පවත්වනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා. අපි ජනතාවට බය වෙන්න ඕනේ ද? අපි ජනතාව ළගට එනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...