spot_img
spot_img

ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් ප්‍රසිද්ධ ඇගලුම් සමාගමක් ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි

දිගින් දිගටම පවතින අර්බුද හේතුවෙන් ණය ගෙවා ගැනීමට නොහැකි බව අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කිරීමෙන් පසු, සමාගම ඈවර කිරීම සඳහා වන ආඥාවක් ඉල්ලා වාණිජ මහා අධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව Hela Apparel Holdings PLC සමාගම නිවේදනය කර තිබෙනවා.

කොළඹ කොටස් වෙළඳපොළ වෙත දැනුම්දීමක් කරමින් එම සමාගම පවසා සිටියේ, Hela Apparel Holdings PLC මෙන්ම එහි අනුබද්ධ සමාගම් වන Hela Clothing (Private) Limited සහ Foundation Garments (Private) Limited යන සමාගම්වලට සිය ව්‍යාපාරික කටයුතු තවදුරටත් කරගෙන යාමට නොහැකි බවට තීරණය කිරීමට පෙර, අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සමූහයේ මූල්‍ය තත්ත්වය, මුදල් කරගත හැකි වත්කම්, වගකීම්, ද්‍රවශීලතා මට්ටම්, ණයගැතිභාවය, අපේක්ෂිත මුදල් ප්‍රවාහයන් සහ ණයහිමි වගකීම් පිළිබඳව පුළුල් ලෙස සමාලෝචනය කළ බවයි.

2007 අංක 7 දරන සමාගම් පනත යටතේ අධිකරණ නියෝගයක් මගින් සමාගම ඈවර කිරීමට අගෝස්තු 4 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ අතර, ඊට අදාළ පෙත්සම් අගෝස්තු 5 වැනිදා වාණිජ මහා අධිකරණය හමුවේ ගොනු කර ඇත. අනුබද්ධ සමාගම් දෙකද වෙන් වෙන් වශයෙන් මෙසේ ඈවර කිරීමේ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

ණයහිමියන්ට, සේවකයන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ට සිදුවන හානිය අවම කර ගැනීමට සහ වටිනාකම ආරක්ෂා කර ගැනීමට උපරිම උත්සාහයක් ලෙස ප්‍රතිසංස්කරණ විකල්ප, ණය ප්‍රතිසංස්කරණ සහ උපායමාර්ගික ආයෝජන පිළිබඳව අධ්‍යක්ෂවරුන් විමර්ශනය කළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කළා.

සමාගම ඈවර කිරීමට තීරණය කළේ එම විකල්පයන් සියල්ල අසාර්ථක වීම, ප්‍රතික්ෂේප වීම හෝ තවදුරටත් වාණිජමය වශයෙන් ප්‍රායෝගික නොවන බව තහවුරු වීමෙන් පසුව පමණක් බවද එම සමාගම වැඩිදුරටත් පවසා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...