ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින බටහිර ඉවුරේ පලස්තීන පවුල්වලට කුස්රා හි ඔවුන්ගේ නිවාසවලින් ඉවත් වී ස්ථානගත වන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පදිංචිකරුවන් පවසා ඇත්තේ දින ගණනාවක ප්‍රහාරවලින් පසු හමුදා විසින් වටලනු ලැබූ නිවාසවලට ප්‍රවේශ වීම තවදුරටත් සීමා කර ඇති බවයි.
පසුගිය ඉරිදා සිට ප්‍රදේශයේ නිවාස තුනක පදිංචිකරුවන් වටලා තිබූ අතර, ඔවුන්ගේ විදුලිය සහ ජල සැපයුම් කපා හැර තිබුණා.
කෙසේ වෙතත් කුස්රා නගරාධිපති අබ්දෙල් අසීම් වාඩි පවසා ඇත්තේ, තම ගම්මානය සංවෘත හමුදා කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් – ඊශ්‍රායල හමුදා ඉවත් කරන ලද පලස්තීන නිවාස කිහිපයක් බැරැක්ක ලෙස භාවිතා කරන බවත්ය.
මේ අතර ඊශ්‍රායල හමුදාව සඳහන් කර ඇත්තේ එය “පදිංචිකරුවන් ආරක්ෂා කිරීම” අපේක්ෂාවෙන් කරන බවයි.




