spot_img
spot_img

රන් ආභරණ කොල්ල කෑ වෙළඳසැල් හිමිකරු ඇතුළු හතරක් මාට්ටු

මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් ඇතුළු ජනතාවගේ ගෙලට කඩුවක් තබා මරණ බිය ඇති කර, රන් ආභරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආභරණ වෙළඳසල්හිමියක්, කාන්තාවක් ඇතුළු සිව් දෙනකු කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක්ද සමග අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලිසිය පවසනවා.

කලක් තිස්සේ මරදගහමුල – දූනගහ අවට ගම්මානවල අතුරු මාර්ගවල පවා ගමන් ගත් කාන්තාවන්ගේ රන් ආභරණ සොයා ගැනීමේ සිද්ධීන් පිළිබඳ වාර්තා වීමත් නිසා දිවුලපිටිය පොලිසිය දැඩි විමසිල්ලෙන් සිටියදී පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ ගොස් තිබෙනවා.

පොලිස් කණ්ඩායම යතුරුපැදිය හඹා යද්දී බඩල්ගම පොලිස් වසමේ හොරකඳවිල ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ලොරියක ගැටී පෙරලුණු අවස්ථාවේ ප්‍රදේශවාසී ජනතාවගේද සහයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි සඳහන් වන්නේ.

යතුරු පැදියටද බරපතල හානි සිදුවී ඇති අතර, එම යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ – හොරම්පැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින මීරිගම – හල්පෙ පදිංචිකරුවකු සහ ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...