spot_img
spot_img

ජනාධිපතිවරණය කැදවීමේ බලය ජූලි 17 මධ්‍යම රාත්‍රියට පසුව මැතිවරණ කොමිසමට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරණය කැදවීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමේ බලය, ජූලි දා හත් වන දා මධ්‍යම රාත්‍රියට පසුව මැතිවරණ කොමිසමට ලැබෙනවා.
ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කොමිසමට හිමිවන එම බලයට අභියෝග කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිදු පාර්ශ්වයකට තවදුරටත් හැකියාවක් නැහැ.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර දින 16 කට පසුව සහ දින 21 කට පෙර, නාම යෝජනා කැදවිය යුතු යි.
නාම යෝජනා කැදවා සති හතරකට පසුව හා සති හයකට පෙර මැතිවරණය පැවැත්විය යුතු වනවා.
කෙසේ හෝ නිසැක වශයෙන්ම සැප්තැම්බර් 17 ත් ඔක්තෝබර් 17 ත් අතර කාලයේ දිනයක ඡන්දය පැවැත්විය යුතුයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...