spot_img
spot_img

හිරුණිකාට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.

ඉකුත් 2016 වසරේ දෙසැම්බර් මස දෙමටගොඩ ප්‍රදේශයේදී සිය ඩිෆෙන්ඩර් රථය යොදා ගනිමින් තරුණයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. මෙම සිද්ධියට අදාළව නීති පතිවරයා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ඉදිරිපත් කර තිබුණා. මෙම නඩුව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අධාරකරුවන් 8 දෙනෙකු මීට පෙර මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...