spot_img
spot_img

ජනාධිපතිවරණය නොවැම්බර් 05 – එක්සත් ජනපදයත් සුදානම්

නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සදහා වූ එක්සත් ජනපද මැතිවරණය, මේ වසරේ නොවැම්බර් මාසයේ පස්වන දා පැවැත්වීමට නියමිතයි.

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන අයයි.
ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර පළමු සජීව විවාදය මේ මස විසි හත් වන දා පැවැත්වීමට නියමිත ය.
මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත්ව සිටින්නේ, එක්සත් ජනපද මැතිවරණ ඉතිහාසයේ වයස්ගතම අපේක්ෂකයන් දෙදෙනායි.
ජෝ බයිඩ්න් ට වයස අවුරුදු 81 ක්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ට් වයස අවුරුදු 78 ක්.
ඔවුන් පසුවන මේ වයස, දෙදෙනා අතර විවාදයට කෙසේ බලපානු ඇද්දැයි මේ වන විට සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.
විවාදය විනාඩි අනූවක් පුරා පැවැත් වෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඒ සා දීර්ඝ කාලයක් ඔවුන් දෙදෙනාට විවාදය තුළ රැදී සිටීමට හැකි වෙනු ඇද්ද යන්න පිළිබදවත්, කැමරා ශිල්පීන් රැසක් නිසැක වශයෙන් විවාදය ආවරණය කිරීම සදහා සහභාගී වනු ඇති බැවින්, එම උපකරණවල බලපෑම සහ ඉන් නිකුත්වන ආලෝකය ඔවුන් කෙසේ දරා ගනු ඇතිද යන්න පිළිබදව ද සාකච්ඡාවේ දී අවධානය යොමු ව තිබෙන කරුණු අතර පවතී.
මාර්තු මාසයේ නිවියෝර්ක් ටයිම්ස් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 73% ක ප්‍රතිශතයක්, ජෝ බයිඩ්න්ගේ වයස, ඔහු ඵලදායී ජනාධිපතිවරයෙකු වීම කෙරෙහි බලපානු ඇතැයි විශ්වාස කරන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...