spot_img
spot_img

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේ අද (18) අපවත් වූහ.

කලක් රෝගාතුරුව පසුවූ උන්වහන්සේ මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත්ව තිබේ.

අපවත් වනවිට 96 වැනි වියෙහි පසුවූ අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් මෙරට බෞද්ධ පුනර්ජීවනය උදෙසාත්, සංස්කෘතික අභිවෘද්ධිය උදෙසාත් සුවිශාල මෙහෙවරක් ඉටුකළ යතිවරයාණන් වහන්සේනමකි.

එමෙන්ම ජාතික හා ආගමික වශයෙන් වැදගත් වූ විවිධ අවස්ථාවන්හිදී රටත් ආගමත් වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවරයාණන් වහන්සේනමක් ලෙසද උන්වහන්සේ ගෞරවාදරයට පාත්‍ර වූහ.

අපවත් වී වදාළ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනය සහ ස්ථානය පිළිබඳ ඉදිරියේදී ආදාහන කමිටුව විසින් දැනුම්දීමට නියමිතය.

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...