spot_img
spot_img

මැති සබේ හදිසියේ කැඳවයි

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු එදින රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදායි

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ රැස්වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටී.

එසේම ලබන 2 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන28 සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...