spot_img
spot_img

රංගේගෙ පුතා අත්අඩංගුවට ගත් රිය අනතුර ගැන තවත් තොරතුරු

පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් ‍‍යශෝධ රංගේ බණ්ඩාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔහු ගමන්ගත් මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටී ත්‍රීරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙම අනතුර සිදුවී ඇත්තේ, අද අලුයම 4.30ට පමණ කරුවලගස්වැව 07 කණුව මී ඔය ආසන්නයේදීයි.

එහිදී එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ගමන් ගත් මෝටර් රථය ගැටී තිබුණේ, ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයකයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පවසන්නේ, අනතුරට හේතුව තවමත් අනාවරණ වී නොමැති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ සහ ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ, රියදුරන් දෙදෙනා පමණයි.

අනතුර සම්බන්ධයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

යශෝධ රංගේ බණ්ඩාර මීට පෙරදීත් 2018 වසරේ සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙක්.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...