spot_img
spot_img

රංගේගෙ පුතාට ඇප

රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

එහිදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටු වීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩුව යළි ලබන වසරේ මාර්තු 25 වනදා කැඳවීමට නියමිතයි.

යශෝධ රංගේ බණ්ඩාර පැදවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අද අලුයම මෙම අනතුර සිදුව තිබුණේ, කරුවලගස් වැව හතේ කණුව – මී ඔය ආසන්නයේදීයි.

තුවාල ලැබූ ත්‍රිවිල් රථයේ රියැදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...