spot_img
spot_img

රංගේගෙ පුතාට ඇප

රිය අනතුරකට අදාළව කරුවලගස්වැව පොලිසිය අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතයි.

එහිදී ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටු වීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.

නඩුව යළි ලබන වසරේ මාර්තු 25 වනදා කැඳවීමට නියමිතයි.

යශෝධ රංගේ බණ්ඩාර පැදවූ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අද අලුයම මෙම අනතුර සිදුව තිබුණේ, කරුවලගස් වැව හතේ කණුව – මී ඔය ආසන්නයේදීයි.

තුවාල ලැබූ ත්‍රිවිල් රථයේ රියැදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...