spot_img
spot_img

රනිල් බැසිල් හමුව ගැන මහින්දගේ අදහස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වැඩිදුරටත් සඳහන්.

පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති පසුබිමක මෙම හමුව සිදුවී තිබුණා.

කෙසේවෙතත් මැතිවරණ පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර අද (22) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

“ඕනම මැතිවරණයකට අපි සූදානම්. හොඳම වැඩේ තමයි බැසිල් ඔය යෝජනා කරලා තියෙන්නේ. මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා පස්සේ ජනාධිපතිවරණය තියන්න. නැත්නම් වෙන්නේ ජනාධිපතිවරණයෙන් දිනන ඕනම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇති වෙනවා. සාධාරණයක් ඇති වෙන්න ඕනේ නම් මුලින් මහමැතිවරණය තියන්න ඕනේ.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...