spot_img
spot_img

කුරුණෑගල ප්‍රදේශයේ යතුරුපැදි ජාවාරම

කුරුණෑගල ප්‍රදේශය මහා පරිමාණ යතුරුපැදි ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

වාහන අමතර කොටස් ආනයනයට බාධාවක් නොමැති බැවින් ඇතැම් ආනයනකරුවන් එම සීමිත අවස්ථාව ද දඩමීමා කර ගනිමින් මහා පරිමාණ ජාවාරම් ක්‍රියාත්මක කරනු ලබනවා.

එලෙස ස්කූටර් වර්ගයේ යතුරුපැදි අමතර කොටස් ගෙන්වීමේ දී ශ්‍රී ලංකා රේගුවේ ඇතැම් දුෂිත නිලධාරීන්ගේ සහය ද ඔවුන්ට ලැබෙන්නේ අතයට ගනුදෙණු හරහායි.

කෙසේ වෙතත් එම යතුරුපැදි මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි අතර, ඒ සඳහාද මොවුන් සුක්ෂම උපායක් භාවිතකර යතුරුපැදි විකුණා දමනවා.

ඒ සඳහා 48 CC ලෙස එන්ජින් ධාරිතාව සටහන් කර පුවරුවක් සවි කරන අතර, රජයේ ලියාපදිංචි අංක තහඩුවක් එවිට අවශ්‍ය වන්නේ නැහැ.

නීති විරෝධී එකලස් කිරීමක් බැවින් මෙම යතුරුපැදි සඳහා කිසිදු ලියකියවිල්ලක් හෝ මෙම අලෙවිකරුවන් ලබාදෙන්නේ නොදෙන බවයි සඳහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...