spot_img
spot_img

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක කැමරා ශිල්පියකුගෙන් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද (30) පස්වරුවේ නිවේදනයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවේ යෙදී සිටියදී ප්‍රහාරයට ලක්වූ නිලධාරීයා, එම ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එම නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ භූමියට පැමිණෙන අවස්ථාවේදී ප්‍රමාණවත් ආරක්ෂාවක් තහවුරු කර නොතිබීමෙන් මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමට ඉඩ සැලැස්වූයේද යන්න පිළිබඳ ආරක්ෂක අංශවල දැඩි කතාබහට ලක්ව ඇති බවද එක්සත් ජාතික පක්ෂ නිවේදනයේ සඳහන්ය.

එමෙන්ම මෙම කැමරා ශිල්පියා මගින් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ආකාරයක අනතුරක් කිරීමට පූර්ව සැලසුමක් තිබුණේද යන්න ගැනත් සැක මතුවන බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

අධිකරණ කටයුත්තක් සඳහා හිටපු ජනාධිපතිවරයා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේ, ඔහු අසලම සිටි ආරක්ෂකයකුට මෙම ප්‍රහාරය එල්ල විය.

සිද්ධියෙන් පසු එම ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කෙරුණි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ...