spot_img
spot_img

ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා තිබෙනවා.

ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩිසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර අති බවටයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...