spot_img
spot_img

වාහන ගෙන්වීම ගැන සංචාරක අමාත්‍යාංශයට චෝදනාවක්

සංචාරක අමාත්‍යංශය මඟින් වාහන 1,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාව මඟින් එක් පාර්ශ්වයකට පමණක් සහන සැලසීමට කටයුතු කර ඇති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එමඟින් රජයේ අපේක්ෂිත කිසිදු අරමුණක් ඉටුනොවන බවයි.

“සියලුදෙනාම දන්නවා මේ වාහන ආනයනය 2020 මාර්තු 20 වෙනිද ඉදන් නැවැත්තුවා. ඊට පස්සේ මේ වෙනකම් අවුරුදු 04ක් 05 අතර කාලයක් කිසිම වාහනයක් ආනයනය කරන්න රජය විසින් කිසිම අවස්ථාවක් ලබාදීලා නැහැ. පළවෙනි කාරණය තමයි සංචාරක අමාත්‍යාංශය විසින් ඉදිරිපත්කරලා තියෙන මේ වාහන 1,000ක් ගෙන්න හදන කැබිනට් පත්‍රිකාව.

මේක ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ඉඩම් හා සංචාරක අමාත්‍යාංශයෙන්. මේකේ තියෙන විදිහට වාහන 1,000ක් ඒ කියන්නේ බස් සහ වෑන් රථ ආනයන කරන්න සුළු පිරිසකට ඒ කියන්නේ බ්‍රෑන්ඩ්නිව් එජන්ට්ලට විතරක් අවස්ථාවක් ලබාදිලා තියෙනවා.

එකෙන් කරලා තියෙන්නේ දහස් ගණනක් ඉන්න තව ආනයනකරුවන් ඔක්කොම කපලා. ඒ අයට නොදී මේ සුළු පිරිසකට විතරක් ඒ අයගේ ලාභ ප්‍රයෝජන තකා බොහොම සූක්ෂම විදිහට සංචාකර අමාත්‍යාංශය විසින් ඒක ක්‍රියාවට නංවලා තියෙනවා.

අපි බ්‍රෑන්ඩ්නිව් ඒජන්ට් කෙනෙක්ගෙන් වාහනයක් ඇනවුම් කළොත් ඒ වාහන එන්න මාස 06ක් 8ත් අතර ප්‍රමාණයක් යනවා. ඒක තමයි නොර්මල් ප්‍රසීඩියර් එක. නමුත් එහෙම නෙමෙයි අපි අද ඇනවුමක් දැම්මොත් අපිට ඊළඟ මාසය වෙද්දි වාහනය ගෙනත් දෙන්න පුළුවන්. අපිත් බලන්නේ මේ ඉස්සරහාට එන ටුවරිසම් සීසන් එකට ලෑස්ති වෙන්න.

මේක එජන්ට් කෙනෙක්ගෙන් ඕඩර් කරලා මේ වාහනය කිසිම වෙලාවක ටුවරිසම් සීසන් එකට ලබාදෙන්න බැහැ. ඊට අමතරව අපිට වෙන රටකින් වාහනයක් ගද්දි ඒ රටේ බදු සියල්ල ඔක්කොම ක්ලේම් කරන්න පුළුවන්. අපි හිතමුකෝ එහේ වානයේ ප්‍රයිස් එකට ජපානයෙන් වාහනයක් ගේනවානම් 10%ක් ක්ලේම් කරන්න පුළුවන්. එතකොට එංගලන්තයේ වගේ රටක වාහනයක් ගෙනාවොත් වැට් එක 20%ක් අඩුවෙනවා. ඔස්ට්‍රේලියාවේ 10%ක් අඩුවෙනවා. එතකොට මේකත් ලංකාවේ මහා භාණ්ඩාරගයට එන ඉතුරුවක්. එතකොට මේ ඔක්කොම ලංකාවට එන ඉතුරුවක් තමයි මේ සංචාරක අමාත්‍යාංශය නවත්වන්න යන්නේ ඒ අයගේ ලාභ ප්‍රයෝජනය තකා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...