spot_img
spot_img

ඉදිරි කන්න දෙකට ගොවීන්ට බංඩි පොහොර නොමිලේ

ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

ඔහු ප්‍රකාශ කළේ, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.

කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“පොහොරවල කිසිදු හිඟයක් නැහැ. යූරියා, බංඩි පොහොරත් ඇති වෙන්න තියෙනවා. අපිට විකුණ ගන්නත් බැරි තරමට තියෙනවා. හිඟයක් නෙවෙයි තියෙන්නෙ මං හිතන්නේ පොහොරවලට මුදල් එන්නෙ නැති ප්‍රශ්නෙ. මේ වතාවේ දැන් අපි මුදල් මේ වනවිට බිලියන 11ක් විතර ගොවියන්ගේ ගිණුම්වලට යවලා තියෙනවා. තව ඉතාමත් සුළු ප්‍රමාණයක් ගිණුම් අංක වැරදීම්, නම්වල වැරදීම් ඒ වගේ දේවල් නිසා සුළු ප්‍රමාණයක් ඉතිරිව තියෙනවා. ඒ හැමෝටම අපි ලබා දෙනවා. ඒ වගේම එන කන්නේ සිට කන්න දෙකක් බංඩි පොහොර නොමිලේ ලබා දෙන්න කටයුතු කරනවා. අපිට ලැබිල තියෙනවා දැනටමත්. පොහොර සඳහා මං ගිවිසුම අත්සන් කළා. මාසයක් යනවිට අපිට පොහොර එනවා. පහුගිය වතාවේ මඩ පොහොර දුන්න වගේම කන්න දෙකකට අපේ ගොවීන්ට බංඩි පොහොර ලබා දෙනවා. මොකද අපේ ගොවි ජනතාවට අපි උදව් කරන්න ඕන.”

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...