spot_img
spot_img

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව තවත් තීරණයක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරු ධුර සඳහා විනිසුරුවරුන් නම් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම කඩිනමින් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

අදාළ තහනම් නියෝගය ඉවත් කිරීමේ හෝ වෙනස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ආචාර්ය මහීම් මෙන්ඩිස් යන පාර්ශ්ව විසින් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

ඉන් අනතුරුව අදාළ පෙත්සම ජුලි මස 25 වනදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...