spot_img
spot_img

අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් එනවා – තිස්සකුට්ටි

ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බව පැවසූ තිස්ස කුට්ටිආරච්චි මහතා රනිල් වික්‍රමසිංහ නැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත් කාංචනලා ෂෙහාන්ලා ඒ වැඩේ හරියට කරන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදීය.

පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කිරීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.

“නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා” යැයිද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

අනුර කුමාරට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැතැයිද ඔහු සඳහන් කළේය.(ලංකාදීප)

spot_imgspot_img

Popular

More like this
Related

නව යතුරු පැදි ලියාපදිංචි කිරීම ආරම්භයි

ඊයේ (19) නව යතුරු පැදි ලියාපදිංචි කිරීමේ කටයුතු...

වාහන අංක තහඩු හා රියදුරු බලපත්‍ර ගැන විශේෂ නිවේදනයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල්...

රත්තරන් මිලේ සැබෑ වෙනසක්

නිතර ඉහළ පහළ යන රන් මිල අද(20) දින වෙළඳපොළෙන්...

ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් – මෙන්න හේතුව

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර්...