spot_img
spot_img

අනිවාර්යයෙන්ම පොහොට්ටුවෙන් ජනාධිපති අපේක්ෂකයෙක් එනවා – තිස්සකුට්ටි

ලබන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව එම පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බව පැවසූ තිස්ස කුට්ටිආරච්චි මහතා රනිල් වික්‍රමසිංහ නැතිව රෝහිත අබේගුණවර්ධන සිටියත් කාංචනලා ෂෙහාන්ලා ඒ වැඩේ හරියට කරන බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදීය.

පෝලිම නතර කළා කියලවත් දෙකයි පනහට කන්න දුන්නා කියලවත් කිරිපිටි පැකට් එකේ මිල අඩු කළා කියලවත් මිනී මැරුවා කියලවත් නායකයන් පත් කිරීමට නොහැකි යැයිද ඔහු සඳහන් කළේය.

“නාමල් ගේන්න හදන විට ඒකා තවම ලපටි වැඩියි කියනවා. මම දන්නෙ නැහැ මේකේ කොහෙන්ද ලපටි කියලා” යැයිද තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

අනුර කුමාරට කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් නැතැයිද ඔහු සඳහන් කළේය.(ලංකාදීප)

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...