spot_img
spot_img

පොහොට්ටුවේ අපේ සහය රනිල්ට – කංචන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාගේ බලාපොරොත්තුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ජයග්‍රහණය කිරීම බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එක්ව ජයගමු – අපි මාතර ජන රැළියට අද (30) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පක්ෂයේ සියලු දෙනා සහය දක්වන බව කංචන විජේසේකර මහතා මෙහිදී පවසා සිටියා.

මෙම ජන රැළිය සදහා ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, අලි සබ්රි සහ කාංචන විජේසේකර යන ආමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ ඇතුලු පිරිසක් එක්ව සිටියා.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වී ඉදිරි කාලය සදහා ද රට භාර ගත යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...